Wednesday, November 21, 2012

යහන් ගත වීමට ප්‍රථම...


මධුසමයේ දී  යහන් ගත වීමට ප්‍රථම මේ දේවල් චෙක් කිරීමෙන් ශරීරාබාධ, හා අනාගතයේ දී යන්නට සිදුවන ප්‍රිය සම්භාෂණ වල දී මිතුරන් ගේ සමච්චලයට ලක් වීම වලක්වාගත හැක.
  1. හැකි නම් කිසිම මිතුරෙක් ට ඔබ දෙපළ මධුසමය ගත කිරීමට යන ස්ථානය දැනුම් දීමෙන් වලකින්න. (මෙය කරගත හැකි නම් මේ පොස්ට් එක තවදුරටත් කියවීමෙන් පලක් නැත.)
  2. ඔබ මධුසමය ගත කිරීමට යන්නේ හෝටලයක ට හෝ නිවාඩු නිකේතනයකට නම්, එහි ගිය විගස කලින් වෙන් කරගත් කාමරයක් ඇති නම් මොනවා හරි හේතුවක් ලබාදී වෙන් කරගත් කාමරය වෙනුවට වෙනත් කාමරයක් ලබා ගන්න.
  3. මිතුරන්, මස්සිනා ලා විසින් ලබා දෙන කිසිවක් පානය නොකරන්න.
  4. කාමරයට ගිය විගස දොර ජනෙල් වසා අගුලු දමා ගන්න.
  5. දොරේ අගුල වැටි ඇත්දැයි නැවත වරක් පරීක්ෂා කරන්න.
  6. ඇඳ වෙත යන්න. ඇඳේ කකුල් හතරම හොඳින් ඇතිදැයි පරීක්ෂා කර බලන්න. ඇඳ හයියියෙන් සොලවා බලන්න. ගියපු ගමන් ඇඳ උඩ වාඩිවීමෙන් වලකින්න.
  7. ඇඳ හිමිහිට අතගා කහඹිලියා වැනි දෑ ගා ඇත්දැයි සැක හැර දැනගන්න. කෝකටත් ඇඳ ඇතිරිලි ඉවත් කර මෙට්ටය අනිත් පස හරවන්න.
  8. තමන්ගේම තුවා, සබන්, ෂැම්පු ආදිය රැගෙන යන්න. කිසිම විටෙක යාළුවන් හෝ මස්සිනා ලා ලබා දෙන තුවා, ෂැම්පු ආදිය පාවිච්චි කිරීමෙන් වලකින්න.
  9. තමන් ගේ හෝ බිරිඳ ගේ නිවස ට මධුසමය සඳහා කිසිම විටෙක නොයන්න.
  10. ජංගම දුරකථන සියල්ල ක්‍රියා විරහිත කර දමන්න.


මස්සිනා ලා හා මිතුරන් එකතු වූ අවස්ථා වලදී තමන් විසින් තම මිතුරා ට දුන් රැග් පිලිබඳ කතා ආශ්‍රිතව මෙම පොස්ට් එක ලියවී ඇත.

8 comments:

  1. හැක හැක හොඳ රැගක් කාලා වගේ :)

    ReplyDelete
    Replies
    1. අනේ ලැජ්ජා කරන්න එපා, මඩියෝ... තාම 21 යි. ;)

      Delete
  2. මට නං ඔය කරදර අනේ නැ , උන් දන්නවා මගේ කටේ තරම
    කියවලා මොනවා හරි කොටලා යන්න මේ මගුල් වර්ඩ් වෙරිපිකේෂන් අයින් කොරලා දියං බං

    ReplyDelete
    Replies
    1. හික්ස්... :) අනේ වාසනාවන්! හැබෑටම ඇටොම් අයියා මොනවා කියලා ද එලවන්නේ? ;) මගේ යාලුවෙක් ගේ අයියා කෙනෙකුත් මේ ලඟදි ඉවසගන්න ම බැරුව දොර ඇරලා දුම්මල වරම ගත්තා වගේ අපේ ජාතිය ඇමතුවා නේ...
      වර්ඩ් වෙරිපිකේෂන් අයින් කළා... තැන්කියු වෙන්න ඕනේ.

      Delete
  3. අනේ දෙයියනේ ...... මේ වගේ මිතුරො ඉද්දි හතුරො මොකටද? :)

    අදයි මේ පැත්තට ඉස්සරවෙලාම ආවෙ, ලොකු ජෝන් අයියගෙ බ්ලොග් එකට දාපු කමෙන්ට් එකක් දැකල ආවෙ. හොඳයි, දිගටම ලියන්නකෝ.

    ReplyDelete
    Replies
    1. හික්ස්.. අර කවුද කියලා තියෙනවා ලු නේද, "මිතුරන් ට වඩා ලඟින් සතුරන් ව තියාගන්න කියලා..." ;)

      බොහොම ස්තුතියි ඩීඩීටී අයියේ... ලඟදි ලියන්න ගත්තේ. :)

      Delete
  4. අද අවේ පළමු වතාවට.දිගටම ලියන්න.ජය!
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගයනි... :)

      Delete

ලිපිය ගැන ඔබේ අදහස් කියන්න.