මධුසමයේ දී යහන් ගත වීමට ප්‍රථම මේ දේවල් චෙක් කිරීමෙන් ශරීරාබාධ, හා අනාගතයේ දී යන්නට සිදුවන ප්‍රිය සම්භාෂණ වල දී මිතුරන් ගේ සමච්චලයට ලක් වීම වලක්වාගත හැක.
- හැකි නම් කිසිම මිතුරෙක් ට ඔබ දෙපළ මධුසමය ගත කිරීමට යන ස්ථානය දැනුම් දීමෙන් වලකින්න. (මෙය කරගත හැකි නම් මේ පොස්ට් එක තවදුරටත් කියවීමෙන් පලක් නැත.)
- ඔබ මධුසමය ගත කිරීමට යන්නේ හෝටලයක ට හෝ නිවාඩු නිකේතනයකට නම්, එහි ගිය විගස කලින් වෙන් කරගත් කාමරයක් ඇති නම් මොනවා හරි හේතුවක් ලබාදී වෙන් කරගත් කාමරය වෙනුවට වෙනත් කාමරයක් ලබා ගන්න.
- මිතුරන්, මස්සිනා ලා විසින් ලබා දෙන කිසිවක් පානය නොකරන්න.
- කාමරයට ගිය විගස දොර ජනෙල් වසා අගුලු දමා ගන්න.
- දොරේ අගුල වැටි ඇත්දැයි නැවත වරක් පරීක්ෂා කරන්න.
- ඇඳ වෙත යන්න. ඇඳේ කකුල් හතරම හොඳින් ඇතිදැයි පරීක්ෂා කර බලන්න. ඇඳ හයියියෙන් සොලවා බලන්න. ගියපු ගමන් ඇඳ උඩ වාඩිවීමෙන් වලකින්න.
- ඇඳ හිමිහිට අතගා කහඹිලියා වැනි දෑ ගා ඇත්දැයි සැක හැර දැනගන්න. කෝකටත් ඇඳ ඇතිරිලි ඉවත් කර මෙට්ටය අනිත් පස හරවන්න.
- තමන්ගේම තුවා, සබන්, ෂැම්පු ආදිය රැගෙන යන්න. කිසිම විටෙක යාළුවන් හෝ මස්සිනා ලා ලබා දෙන තුවා, ෂැම්පු ආදිය පාවිච්චි කිරීමෙන් වලකින්න.
- තමන් ගේ හෝ බිරිඳ ගේ නිවස ට මධුසමය සඳහා කිසිම විටෙක නොයන්න.
- ජංගම දුරකථන සියල්ල ක්‍රියා විරහිත කර දමන්න.
මස්සිනා ලා හා මිතුරන් එකතු වූ අවස්ථා වලදී තමන් විසින් තම මිතුරා ට දුන් රැග් පිලිබඳ කතා ආශ්‍රිතව මෙම පොස්ට් එක ලියවී ඇත.
හැක හැක හොඳ රැගක් කාලා වගේ :)
ReplyDeleteඅනේ ලැජ්ජා කරන්න එපා, මඩියෝ... තාම 21 යි. ;)
Deleteමට නං ඔය කරදර අනේ නැ , උන් දන්නවා මගේ කටේ තරම
ReplyDeleteකියවලා මොනවා හරි කොටලා යන්න මේ මගුල් වර්ඩ් වෙරිපිකේෂන් අයින් කොරලා දියං බං
හික්ස්... :) අනේ වාසනාවන්! හැබෑටම ඇටොම් අයියා මොනවා කියලා ද එලවන්නේ? ;) මගේ යාලුවෙක් ගේ අයියා කෙනෙකුත් මේ ලඟදි ඉවසගන්න ම බැරුව දොර ඇරලා දුම්මල වරම ගත්තා වගේ අපේ ජාතිය ඇමතුවා නේ...
Deleteවර්ඩ් වෙරිපිකේෂන් අයින් කළා... තැන්කියු වෙන්න ඕනේ.
අනේ දෙයියනේ ...... මේ වගේ මිතුරො ඉද්දි හතුරො මොකටද? :)
ReplyDeleteඅදයි මේ පැත්තට ඉස්සරවෙලාම ආවෙ, ලොකු ජෝන් අයියගෙ බ්ලොග් එකට දාපු කමෙන්ට් එකක් දැකල ආවෙ. හොඳයි, දිගටම ලියන්නකෝ.
හික්ස්.. අර කවුද කියලා තියෙනවා ලු නේද, "මිතුරන් ට වඩා ලඟින් සතුරන් ව තියාගන්න කියලා..." ;)
Deleteබොහොම ස්තුතියි ඩීඩීටී අයියේ... ලඟදි ලියන්න ගත්තේ. :)
අද අවේ පළමු වතාවට.දිගටම ලියන්න.ජය!
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
බොහොම ස්තුතියි ගයනි... :)
Delete