Wednesday, January 23, 2013

ඒකා'ස් සතුටින් දිවිය ට මග - #01

ඒකා ඉතින් කොහොමත් සමාජ සත්කාර වැඩ වලට ඉතා කැමති නේ. 
ඔන්න ඉතින් හා හා පුරා කියලා ඒකා ගේ අත්දැකීමෙන්, කෙල්ලෝ ඉන්න කොල්ලන් ට සතුටින් දිවි ගෙවන විදිහ කියලා දෙන්න යන්නේ, ඕං... අත්දුටුයි, ප්‍රත්‍යක්ෂයි ඈ...
නමොවිත්තියෙන් ඕං එහෙනං,


Whenever a woman says "do whatever you want",
do NOT do whatever you want!


තේරෙන සිංහලෙන් :

කෙදිනක හෝ ඔබේ සහකාරිය "ඔයාට කැමති දෙයක් කරන්න" කිව්වොත්, ඔබ කැමති දේ අකමැත්තෙන් වුව  අමතක කර දමන්න.





කලින් දවසක ලියපු මේකත් කියවන්න. කොල්ලා vs මොළේ තියෙන කොල්ලා.



Tuesday, January 15, 2013

සැ.යු. බඳින්න පෙර සිතා බලනු!

උන්නත් දාහයි.
මළත් දාහයි.

බැන්දොත්...

පන්දාහයි!

Thursday, January 10, 2013

කෙටි වත ඇඳි කත ට...


කොටට ඇන්දම අක්කා හරිම ලස්සනයි.
ඟේ හැඩතල හොඳට පේනවා.
ඇස් දෙක ගවුම දිහාට,
ඊට පස්සේ එතනින් පහලට යන්නේ
හිතේ තියෙන වලත්ත කමට නෙමෙයි.
ඇස් දෙක උනත් අනිච්චානුගාව
සුන්දරත්වයට ඇදිලා යන හින්දා.

කොහොමත් මම ඔයාගේ රූපයට ගොඩක් ආසයි.
ඔයාගේ විතරක් නෙමෙයි. පොදුවේ කාන්තා රුපයට මම ගොඩක් කැමතියි.
අක්කා හිතයි දැන්,
"ඕවා එක සැරයක් ඇඳට පෙරලගන්නකන් විතරයි" කියලා.
අක්කා අහලා දැකලා විඳලා තියන දේවල් එක්ක එහෙම හිතන එක අසාධාරණ නැහැ. ඒත් අක්කේ මටත් අක්කා වගේම ලස්සන ගෑනු ළමයෙක් ඉන්නවා.
පොඩි කාලේ ඉඳන් ම මම ඉගෙනගෙන තියෙන්නේ තමුන් ට අයිති නැති දේවල් දැකලා බලලා සතුටු උනා ට අල්ලලා බලන්න,
හොරකම් කරන්න යන්න එපා කියලා.
වරදවා හිතන්න එපා. හිතුවත් අක්කා එක්ක මම තරහා නැහැ. 

ඕවා මේවා කතා කරලා දන්නෙම නැතුව බස් එකෙන් බහින තැනත්
ලං වෙලා.
හොරෙන් හොරෙන් බලද්දී අක්කගේ කට කොණට හීනියට නැගෙන හිනාව මම දැක්කේ නැහැ කියලා හිතුව ද?

ඔව්. කොටට ඇන්දම අක්කා හරිම ලස්සනයි.
අමනාපයක් නැත්තම් බහින්න ඉස්සෙල්ලා එකම එක සැරයක් ඕනෙකමින් ම ඔයාගේ ලස්සන බලලා යන්නම්.

හැබැයි ඕනෙකමින් ම බැලුවා කියලා මට රවන්න නම් ඔට්ටු නැහැ ඔන්න!


Wednesday, January 02, 2013

'12 මගේ මෙව්වා එක

කාපන්...
බීපන්!
කරලා නාපන්!
වැඩට පල...
ගෙදර වර...

සින්දු ලිව්වට මියුසික් දාන්න වෙලාවක් තිබුනේ නැත. දේශ දේශාන්තර වල ගිහින් ඇවිත් බැංකු පොතේ සත පහක් ඉතුරු වී නැත. කරන්න ට නම් බොහෝ දේ ඉතුරු වී ඇත. ඉගෙන ගත්තෙම නැත. චාටර් ය.
මගේ 2012 ගෙවුනේ ඔන්න ඔය විදිහට ය.

2012 වගේ නොව 2013 වසර මට සුබ දායක ය. කේන්දර කාරයෙක් අපේ අම්මට කියා ඇත්තේ එසේය. එලම කිරි ය. 2014 ජනවාරියේ බලමු, හරිය? ;-)