Sunday, November 11, 2012

බ්ලොග් එක...


"Your blog is your unedited version of yourself."  - lorelle

බ්ලොග් එක කියන්නේ මට ඕන දේවල් කැමති විදිහට කියන්න පුළුවන් තැනක්. ඒක මගේ ෂෝක් මට ම ෂෝක් තියරිය දුවන තැනක්. මම කැමති ඒවා මම ලියනවා. ඒවා ට කැමති අය කමෙන්ට් කරනවා. බ්ලොග් එක ෆොලෝ කරනවා. අකමැති අය බනිනවා, නැත්තම් අහක බලන් නිකන් ඉන්නවා. මේ තියරිය ඔය විදිහට ම ඇඳුම් පැළඳුම් වල ට , කලාව ට ගැලපෙනවා. ගෑනු ළමයි කොට ට ඇඳන් යද්දී කොල්ලෝ හැරිලා බලනවා, ඇන්ටිලා බනිනවා. අංකල් ලා ගේ කටවල් වලට නොදැනීම මැස්සෝ රිංගනවා.

ලෝකේ මොන දේටත් දෙපැත්තක් තියෙනවා නේ. මම කැමති දේ ට ඔබ කමැති වෙන්න පුළුවන්. අකමැති වෙන්න ත් පුළුවන්. එක ඔයා ගේ අයිතිය. ඒකට බනින්නත් ඔයාට අයිතියක් තියෙනවා. අහක බලා ගන්නත් අයිතියක් තියෙනවා. මම ලියන්න ඕනේ මොනවද කියලා කියන්නත්  ඔයාට අයිතියක් තියෙනවා. හැබයි මට ඕනේ දේ ලියන්නත් මට අයිතියක් තියෙන බව අමතක කරන්න එපා. මොකද මම ලියන්නේ කවුරුත් ආස දේවල් නෙමෙයි. මම ආස දේවල්. 

කොටින් ම කිව්වොත්... මම යි  මගේ බ්ලොග් එකේ ඒකාධිපති පාලකයා.

No comments:

Post a Comment

ලිපිය ගැන ඔබේ අදහස් කියන්න.