Friday, November 30, 2012

නිබ්බුත පද කිව්වේ මමයි...

මේක මේ අපේ අයියා කෙනෙක් චූ කොල්ලා කාලේ දී වෙච්ච සීන් එකක්. මේක මට අහන්න ලැබුනේ පොරගේ අම්මාගෙන්.


ඔන්න ඉතින් මේ අපේ අයියා කාරයා ඉස්කෝලේ කාලේ හෙන වැඩකාරයා. හැමදාම පන්තියේ එක නැත්තම් දෙක. දහම් පාසලෙත් එහෙමයි. හැබැයි පොර ටිකක් ප්‍රසිද්ධියේ කතා කරන්න ලැජ්ජයි. අදටත් එහෙමයි. කොහොම හරි මේ සීන් එක වෙලා තියෙන්නේ බුද්ධාගම පීරියඩ් එකේ දී. ඔන්න එදා විභාගේ ලං වෙලා නිසා ටීචර් නෝනා පොඩි රිවිෂන් එකක් කරන්න පටන් අරන්. ප්‍රශ්න අහගෙන අහගෙන යද්දී මෙන්න මෙහෙම ප්‍රශ්නයක් එලියට ඇවිල්ලා. 
"සිදුහත් කුමාරයා දැක නිබ්බුත පද කිව්වේ කවුද?" (බුද්ධාගමේ නොවන කස්ටිය ට පොඩි google search එකක් දැම්මොත් සීන් එක මීටර් කරගන්න පුළුවන්)
පොරට ලාවට නිකන් මොලේ සයිඩ් කොනෙන් මතකයි ලු උත්තරේ කිසා ගෝතමී කියලා... කොහොම උනත් ෂුවර් නැති හින්ද වෙන කවුරු හරි කියනකන් බලන් හිටිය ලු. නෝ සවුන්ඩ්! පන්තියම තක්බීර් ලු. ටික වෙලාවකට පස්සේ ඔන්න ඉතින් ටීචර් නෝනා එයා ගේ යුශුවල් බණ කැසට් එක දැම්මා ලු. "ඔයාලට උගන්නලා කිසි වැඩක් නැහැ. මීට හොඳයි හරක් ටිකක් හැදුවා නම්. එක්සේට්‍රා..." මේ කුණුහබ්බ අහන් ඉන්න බැරි කමට අන්තිමේ දී අයියා පොර ඕන එකක්, ප්‍රීති වෙසක් කියලා, ඇරලා දැම්මා ලු, "කිසා ගෝතමී" කියලා. බණ කැසට් එක දාගෙන හිටපු අස්සේ පොර කියපු එක හරියට ඇහුනේ නැති ටීචර් නෝනා එක පාරටම  ණ කැසට් එකේ pause බටන් එක ඔබලා ඇහුවලු, "කවුද කිව්වේ?" කියලා. පොඩි හීන් ආඩම්බරකමකුත් එක්ක අයියා පොර අත උස්සලා, නැගිටලා කිව්වා ලු, "ටීචර් මම" කියලා.

කොහොම හරි මේ වැඩේ හින්දා අන්තිමට පොරගේ අම්මා ටත් වයිස් ප්‍රින්සිපල් හම්බවෙන්න යන්න වෙලා. ඇහැට කනට පේන අම්මා කෙනෙක් එහෙම නිසා පොර ඉතින් පැණි හල හල කියනවා ලු, බලන්න කෝ මිස් බුද්ධාගම ටීචර් "නිබ්බුත පද කිව්වේ කවුද" කියලා ඇහුවම ඔයාගේ ළමයා ලැජ්ජා බයක් නැතුව නැගිටලා කියලා තියෙනවා නේ, "නිබ්බුත පද කිව්වේ මමයි" කියලා!



ප.ලි : තාමත් අයියා පොර ව බයිට් කරන්න ඕනේ උනාම අපි අහන්නේ, "අයියේ ඇත්තටම තමුසේ මද ඕයි නිබ්බුත පද කිව්වේ?" කියලා.

8 comments:

  1. පට්ට සීන් එක බන් අපේ ඉස්කෝලෙත් පන්තියේ කොල්ලන්ට ඕම දේවල් වෙලා තියෙනවා හැබැයි පිනා ගාවට යන්න තරම් සීරියස් වුනේ නැහැ :)

    ReplyDelete
    Replies
    1. අලුතෙන් පන්තියට ආපු චූටි චිචර් කෙනෙක් ලු මඩි අයියේ... අනිත් එක අපේ එකාත් හෙන ඇම්ඩා නොවැ! හික්ස්...

      Delete
  2. ඔහොම ඒවා වෙනවා ගනන් ගන්න එපා..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්... වෙනවා වෙනවා.. ;)

      Delete
  3. මට මේක මිස් වෙලා නොවැ, අදයි දැක්කෙ.

    මොකෝ ලියන්න අදහසක් නැත්ද?

    ReplyDelete
    Replies
    1. මේ දවස් ටිකේ කරදර වගයකට මුණපාන්න වුනා, ඩිඩිටි අයියේ... ඒවා ගැනත් ලියන්න ඕනේ! ;) බොහොම ස්තූතියි!

      Delete
  4. දිගටම ලියාගෙන ලියාගෙන යන්න ශක්තිය ලැබේවා...........එල කිරි දිගටම ලියන්න......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දසුන්... ඔබටත් එසේම වේවා!

      Delete

ලිපිය ගැන ඔබේ අදහස් කියන්න.