Friday, May 01, 2015

දෑ අවුරුද්දකට පසු නැවත කරලියට...

කෝ විසිල් එක? බල්ටිය? අවුරුදු දෙකකට පසුව ඇති දැවැන්ත විදිහට ඒකාධිපතියා නැවත කරලියට. හික්ස්!

හරියටම මීට අවුරුදු දෙකකට කලින්, ඒ කියන්නේ 2013 ක්වූ මැයි මස පළමු වෙනිදා වැඩ (නො)කරන ජනතාවට පොඩි කින්ඩියක් දාලා ලියපු පොස්ට් එකෙන් පස්සේ මම බ්ලොග් එක ලියන එක නැවැත්තුවා. අද හවස තුසියා (මගේ ඔෆිසියේ එල ෆිට් එකක්) එක්ක ප්ලේන්ටියක් ගහන්න දෙමටගොඩ පාලම යට කඩේට යනකන් ම ආයෙත් මේක ලියන්න පටන්ගන්න ඕනේ කියලා මට හිතුනෙම නැහැ. පාලම උඩ නවත්තලා තිබ්බ සී.ටී.බී බස් සෙට එක දැක්කම මට මගේ අන්තිම පොස්ට් එක මතක් වෙලා "මචන් හරියටම මීට අවුරුදු දෙකකට කලින් මම බ්ලොග් එක ලියන එක නැවැත්තුවා" කිව්වා ම පොර තමයි කිව්වේ ආයෙත් සැරයක් ඔන්න ඕක ලියන්න පටන් ගනින් කියලා. මම මේක ලියද්දිත් මූ මගේ එහාපැත්තේ ඉඳන් කෙල්ලෙක් ගේ හඳහන බලනවා. (ඒ ගැන විස්තර පස්සේ කියන්නම් කෝ) හුකෑස්! දැන් මූට හිතෙනවා ඇති මට මීක පටන් ගන්න කිව්වට වඩා හොඳයි හරහට පොල්ලක් බැඳන් ලිඳේ පැන්න නම් හොඳයි කියලා.

මේ පාරත් හැබැයි කියලා වැඩක් නැහැ බස් පිටින් පුරවගෙන දේශප්‍රේමී, දේශමාමක මාමලා නැන්දලා බුරුතු පිටින් බෝතල් කාලයි බත් පැකට් එකයි ගන්න පෝලිමේ ගම් නියම් ගම් අතහැර කොළඹ ඇවිල්ලා. යකෝ හෙන ගේමක් දීල මැයි පළවෙනිදා නිවාඩුවක් අරන් දීල තියෙන්නේ කට්ට අව්වේ වේලෙන්න ද?

කරුමෙක මහත! බඩ ගින්දරේ වේලෙන දරු පැටව්. අව්වට වැස්සට තෙමෙන හිස්ගෙඩි! කවදාවත් නැති දේශාලය මේ මෝඩ ඔළුගෙඩි ඇතුලේ හැමදාම තිබුනා නම්... (තුසියා පවසයි)

හැබැයි මෛත්‍රී මාමා පොරොන්දු වෙච්ච විදිහට විධායක බලතල කප්පාදු කරලා හිටං මහා මැතිවරනෙකට ලක ලැස්ති වෙන පාටයි. ඊයේ පෙරේදා මම ඔරුගොඩවත්ත පැත්තේ තාප්පෙක දැක්කා "දුන් පොරොන්දු ඉටුකළ ජනපති" ද මොකක් ද කියලා පෝස්ටර් එකක් ගහලා තියෙනවා. යකෝ කරන කරන වැඩක් ගානේ පෝස්ටර් ගහපු හින්දා නේ ගිය ආණ්ඩුවේ උන්දැලා ව ගෙදර ඇරියේ... හැබැයි ගිය ආණ්ඩුවේ එකෙක් ගෙම වැඩක් ද දන්නේ නැහැ. දැන් ඉතින් පාලක පක්ෂයයි විපක්ෂයයි එක පැත්තේ ලු නේ.

ඔන්න තුසියා උඹට  දුන් පොරොන්දු ව ඉටු කළා. බ්ලොග් එක ආයෙත් ලියන්න පටන් ගත්තා. හරියටම මැයි පලවෙනි දා. ඒකාධිපතියා යලි අවදි වේ. ලෝල් සහගතයි.

Wednesday, May 01, 2013

සුභ ම සුභ මෝඩයන් ගේ දිනයක්!

අද හවසට කැම්බල් පාක්, සිරිකොත, බී.ආර්.සී පැත්තේ කල එළි බහින්න ලක ලෑස්ති වෙලා ඉන්න සකල ශ්‍රී ලංකා වාසී මහජනතාව ට ම සුභ ම සුභ සුභ ම සුභ මෝඩයන් ගේ දිනයක් කියලා මුලින් ම ඔන්න හදවතින් ම ප්‍රාර්ථනා කරනවා!

ඔබතුමන් ලා, තුමියන් ලා වැනි දේශප්‍රේමී, දේශමාමක, අධිරාජ්‍ය විරෝධී  බලවේග ඉන්න තාක් කල් ශ්‍රී ලංකාව ට බඩුම තමයි.

may rally
මොන බම්බුවකට ද අපිට Ass-චර්යය පෙන්න පෙන්න, ගුද වාතයටත්  බදු පටව පටව, ඉපදෙන්න ඉන්න එකා එකී ලවත් ණය කරව කරව දවස් 364 ම ආතල් එකේ ඉඳලා අද විතරක් ජනතාව ගේ දාඩිය සුවඳ බලන්න මොන්ටෙරෝ එකෙන්, චොපර් එකෙන් එන එවුන් ගේ කතා වලට අප්පුඩි ගහන්න, විසිල් ගහන්න, චියර් කරන්න මේ පට්ට අව්වේ වෙලෙන්නේ???

අද උඩ පැන පැන චියර් එක දෙනවා, අපේ යුග පුරුෂයා ට ජය වේවා! කියලා. හෙට අනිද්දා ලයිට් බිල ආවම උගේ අම්මගේ අප්පගේ ඉඳන් හත් මුතු පරම්පරාවට ම ක්‍ෂය රෝගේ හැදෙනකන් බනිනවා.

ඇයි බොල ඔලමොට්ටල වරුනේ, නිකන් නිවාඩුවක් ලැබෙන එකේ තමුන් ගේ නෝනා, දරු මල්ලෝ එක්ක ගෙදර ට වෙලා ආතල් එකේ හිටපල්ලා කෝ ලේ කෝප කරගන්නේ නැතුව...


Thursday, April 25, 2013

බ්ලොගර් ආවම, වැඩක් නැති කොට කම්මැලිකමට ලියන කවි

මුවොදොරක්.
ඒ මත බංකු පේළියක්.
එයින් එක බංකුවක් උඩ සිටියි මරු ජෝඩුවක්.
අතින් අත පටලාගෙන, මුවට මුව ලං කරලා, දුන්නා එක හාදුවක්.


තවත් එක බංකුවක් උඩ, දුක්බරිත මුහුණකින්, සයුර දෙස දෙනෙත් යොමු, රූ පිරි ලඳක්.

මෙව්වා බලමින්, ඉස්සෝ වඩයක්, නාන් රොටියක් ගිලිනවා මිස මට ත්  තිබුනෙම නැහැ නේ හෆ්ෆේ වෙන වැඩක්...

Galleface

Saturday, April 13, 2013

අවුරුදු පැතුම!

ඔබ සැමට සාමයෙන් සතුටින් පිරුණ, කිරියෙන් පැණියෙන් ඉතිරුණ, කැවුමෙන් කොකිසෙන් රසවුන, බත බුලතින් සරුවුන, ධාන්‍ය, ධනය නෙක මල්, පලතුරු පිරි ජය සිරි සුභ නව වසරක් වේවා! 

Saturday, April 06, 2013

එකමත්තෙක රටක 1947

"මට ඩ්‍රයි වර්නන් එකක්!" කියමින් අසල තිබුන බංකුවක ඉඳගතිමි. මොහොතක පමාවකින් මා ඉදිරියේ වීදුරුවකට මගේ ප්‍රියතම විස්කි වර්ගය වැක්කෙරෙන්නට විය. වෙනදා බොබ් ප්‍රිට් ගේ ගැඹුරු කටහඬින් සංගීතමත් වුන එඩ් ගේ තැබෑරුම පුරා අද බෙට්සි සින්ක්ලෙයාගේ මියුරු කටහඬ සමග ජෑස් සංගීතය. "ඇත්තටම ඇගේ කටහඬ අද්විතීයයි". මා මටම කියාගන්නා ගමන් විස්කි වීදුරුව හිස්කලෙමි. ගිමහාන ඍතුව මෑන්හටන් නගරය මේ වෙලාවට තැබෑරුම් වලට කොටු කරති. ඉදිරිපස නැවැත්වූ මාගේ 1947 කැඩිලක් 62 වර්ගයේ කාරය රථගාල ට රැගෙන යාමට පැමිණි කොලුවාට ඩොලරයක් සමගින් එහි යතුර ලබාදීමි.

තැබෑරුම පුරාවට කාන්තාවන් ඔවුන් ගේ මහත්වරුන් සමග කතාබහ කරමිනි. තරුණ ගැටිස්සියන් හා කොලු ගැටව් පමණක් නොව නෝනා මහත්වරුන් ද පසෙක සිට අපුර්ව ජෑස් සංගීතයේ තාලයට පාද තබති. ඒ අතරින් මා සොයනා මුහුණ දැකගැනීමට මම උත්සහ කලෙමි. මාගේ
කබායේ සාක්කුව තුල මෙතෙක් වෙලා රුවාගෙන සිටි පොලොරොයිඩ් ගණයේ පින්තුරය මම එලියට ගෙන ඒ දෙස මදක් වේලා බලා සිටියෙමි. පින්තුරයේ සිටි ඈ ඉතාමත් රූබර ගැටිස්සියකි. මෑන්හටන් නගරය පුරාම කරක් ගසා සිටි මා එවන් රූපයක් උරුම කාන්තාවක් වෙන කෙදිනකවත් දැක තිබුනා දැයි මට මතක නැත. කොටට කපන ලද රන්වන් පැහැ ඇගේ වරලස හිරුරැසින් පාටවුන ඇගේ මුහුණට මනා ලස්සනක් ගෙන දී තිබුණි. ඈ වෙනත් නගරයක සිට මෙහි පැමිණියක විය යුතු යැයි මට සිතුනි. 

"තවත් සැරයක්" මා ඉදිරියේ සිටි බීම සේවක තරුණයාට මම අතින් සන් කලෙම්. ඔහු නැවත වරක් මගේ වීදුරුව පුරවන්නට විය. "නාදුනන කෙනෙකු සොයාගන්න නම් හොඳම ක්‍රමය ඒ පැත්තේ ඇති තැබෑරුම හරියේ විමසීමයි" මා තරුණ අවදියේ මගේ පියා මට දුන් ඔවදන මට සිහියට නැගිණි. අඩක් පිරුණු විස්කි වීදුරුව අතට ගත් මම සේවක තරුණයා දෙසට හැරුණි. "මම මේ අදුරන කාන්තාවක් හොයන ගමන්", විස්කි වීදුරුව හිස් කොට මම ඔහුට පැවසීමි. "අපි හැමෝම හොයන්නේ එහෙම අය නොවේද?" යැයි සරදම් සිනාවක් සමග ඔහු මගෙන් නොඅසාම වීදුරුව නැවත පිරෙව්වේය. "ඇය මාව මුණගැහෙන්නට මෙතැනට එනවා කීවා. මා ඇයව හුඟ කාලෙකින් දැක නැහැ. මේ ඉන්නේ ඇය" කියමින් මා අත වූ පින්තුරය ඔහු වෙත දිගුකලෙමි. පින්තුරය දෙස ඇස මදකට යොමු කල ඔහු, "ඔබ ගොඩක් වාසනාවන්තයි. පින්තුරේටත් වඩා ඇය හැබැහින් ලස්සනයි" කියමින් තම ඇස් වලින් මගේ පිටුපස ට සන් කලේ ය. 

ඇත්තටම ඇගේ පින්තුරයටත් වඩා ඇය පියවි ඇසට සුන්දර ය. මා අතැති පින්තුරය රැගෙන ඇත්තේ මීට අවුරුදු දෙක තුනකට පෙර බව මට සිතුනි. රන් පැහැති වරලස නවතම විලාසිතාවට හැඩ කර තිබුණි. ආකර්ශනීය රතු පැහැති ගවුමකින් සැරසී සිටි ඈ එයට ගැලපෙන පාටකින් ම තොල් දෙක සරසා තිබුණි. සුමිහිරි ජෑස් සංගීතය මගෙන් ඈතින් ඈතට ගොස් නාසුනාක් සේ මට දැනිණ. කාලය මා අවට නැවතී ගියාක් මෙනි. මා ඇය දෙස ඇසිපිය නොහෙලා කොතරම් වෙලාවක් බලා සිටින්නට ඇත්දැයි මා නොදනිමි.


ඊළඟ නිමේෂයේදී අප දෙදෙනාගේ නෙත් එකිනෙක හා ගැටිණ...

-මතු සම්බන්දයි-



Friday, March 01, 2013

පාළු වෙලා මගේ ලෝකේ...

Waiting for a text messageවෙනදට විනාඩි පහෙන් පහට වදින
බීප්-බීප්, බීප්-බීප් SMS හඬ...
දවස් තුන හතරක ඉඳන්
පැයකට එකක් ගානට අඩුවෙලා!

ගෙදර ආවා...

ඉන්ටනෙට් වැඩ නැහැ...
තැන්කියු!

මොකුත් නැහැ. FB පැත්තේ ආවා.



කමු ද?

ඔයා කෑව ද?



මොකුත් නැහැ. නිකන් ඉන්නවා.



ඇඟ හෝදලා එන්නම්.


ඇඳට ආවා. නිදියගමු ද?
ගුඩ්නයිට් :*

පසුවදන
ජීවත් වෙන්න ආදරය කොයිතරම් නම් ඕනැද... තමුන් ට අයිති අවධානය ටික කාලෙකට හරි වෙන අය විසින්  හොරාගත්තම තමුන් ට දැනෙන්නේ කොහොමද? මට දැනුනේ මෙහෙමයි...

Monday, February 11, 2013

ගෙදරින් කෑම හා කඩෙන් කෑම! - ඒකා'ස් සතුටින් දිවිය ට මග - #02




ගෙදරින් ඇතිතරම් රහට කන්න ලැබෙනවා නම්...
පිටින් කන්නේ මොකට ද?

අද කාලේ පත්තරයක් බැලුවත්, ගොසිප් වෙබ් පේජ් එකක් බැලුවොත් අනියම් කේස් එකක් තියෙනවා ම තමයි. ඒ වගේම බඩු පොට් රේඩ් කරපු සීනුත් ඕන තරම්.



ඇයි මේ තරම් මිනිස්සු වෙන ගෑනුවයි, ගෑනු වෙන මිනිස්සුන්වයි හොයන් යන්නේ? පිළිතුර හරි ම සරලයි.

තමුන් ගේ අවශ්‍යතාවයන් තමා ගේ සහකරුවා හෝ සහකාරියගෙන් නොලැබෙන කොට වෙන කෙනෙක් ලඟින් ඒ දේවල් ලබාගන්න යෑම සාමාන්‍යයි... ඒක මුල්‍යමය අවශ්‍යතාව ක් වෙන්න පුළුවන්, ලිංගික අවශ්‍යතාව ක්, නැත්තම් වෙනත් අවශ්‍යතාව ක් වෙන්නත් පුළුවන්. සමහර විට තමුන් ට ඇහුම්කන් දෙන කෙනෙක් ගේ අවශ්‍යතාව වෙන්නත් පුළුවන්.

තමන් ගේ සහකරුවා/සහකාරිය ගේ අවශ්‍යතා ගැන හොයලා බලන්න. එයාව හැම වෙලාවකම සතුටින් තියන්න බලන්න. හැම වෙලාවේම එයත් එක්ක සුහදව කතා කරන්න. ඇහුම්කන් දෙන්න. එයාව ඔයාගේ ජීවිතේ වැදගත් ම අංගය කරගන්න. ඒ බව එයට තේරුම් යන විදිහට වැඩ කරන්න.

 එතකොට එයාට ඔයාව තරම් වෙනකෙනෙක් ව ඕනේ වෙන්නේ නැති වෙයි.

Sunday, February 03, 2013

ඉකි...









ඇස් රතු කරන්, ඉකි ගගහා හඬද්දී,
ඔයාගේ ඇස් වලට හොරෙන්
හිත යටින් මම හැඬුවා...

Wednesday, January 23, 2013

ඒකා'ස් සතුටින් දිවිය ට මග - #01

ඒකා ඉතින් කොහොමත් සමාජ සත්කාර වැඩ වලට ඉතා කැමති නේ. 
ඔන්න ඉතින් හා හා පුරා කියලා ඒකා ගේ අත්දැකීමෙන්, කෙල්ලෝ ඉන්න කොල්ලන් ට සතුටින් දිවි ගෙවන විදිහ කියලා දෙන්න යන්නේ, ඕං... අත්දුටුයි, ප්‍රත්‍යක්ෂයි ඈ...
නමොවිත්තියෙන් ඕං එහෙනං,


Whenever a woman says "do whatever you want",
do NOT do whatever you want!


තේරෙන සිංහලෙන් :

කෙදිනක හෝ ඔබේ සහකාරිය "ඔයාට කැමති දෙයක් කරන්න" කිව්වොත්, ඔබ කැමති දේ අකමැත්තෙන් වුව  අමතක කර දමන්න.





කලින් දවසක ලියපු මේකත් කියවන්න. කොල්ලා vs මොළේ තියෙන කොල්ලා.



Tuesday, January 15, 2013

සැ.යු. බඳින්න පෙර සිතා බලනු!

උන්නත් දාහයි.
මළත් දාහයි.

බැන්දොත්...

පන්දාහයි!

Thursday, January 10, 2013

කෙටි වත ඇඳි කත ට...


කොටට ඇන්දම අක්කා හරිම ලස්සනයි.
ඟේ හැඩතල හොඳට පේනවා.
ඇස් දෙක ගවුම දිහාට,
ඊට පස්සේ එතනින් පහලට යන්නේ
හිතේ තියෙන වලත්ත කමට නෙමෙයි.
ඇස් දෙක උනත් අනිච්චානුගාව
සුන්දරත්වයට ඇදිලා යන හින්දා.

කොහොමත් මම ඔයාගේ රූපයට ගොඩක් ආසයි.
ඔයාගේ විතරක් නෙමෙයි. පොදුවේ කාන්තා රුපයට මම ගොඩක් කැමතියි.
අක්කා හිතයි දැන්,
"ඕවා එක සැරයක් ඇඳට පෙරලගන්නකන් විතරයි" කියලා.
අක්කා අහලා දැකලා විඳලා තියන දේවල් එක්ක එහෙම හිතන එක අසාධාරණ නැහැ. ඒත් අක්කේ මටත් අක්කා වගේම ලස්සන ගෑනු ළමයෙක් ඉන්නවා.
පොඩි කාලේ ඉඳන් ම මම ඉගෙනගෙන තියෙන්නේ තමුන් ට අයිති නැති දේවල් දැකලා බලලා සතුටු උනා ට අල්ලලා බලන්න,
හොරකම් කරන්න යන්න එපා කියලා.
වරදවා හිතන්න එපා. හිතුවත් අක්කා එක්ක මම තරහා නැහැ. 

ඕවා මේවා කතා කරලා දන්නෙම නැතුව බස් එකෙන් බහින තැනත්
ලං වෙලා.
හොරෙන් හොරෙන් බලද්දී අක්කගේ කට කොණට හීනියට නැගෙන හිනාව මම දැක්කේ නැහැ කියලා හිතුව ද?

ඔව්. කොටට ඇන්දම අක්කා හරිම ලස්සනයි.
අමනාපයක් නැත්තම් බහින්න ඉස්සෙල්ලා එකම එක සැරයක් ඕනෙකමින් ම ඔයාගේ ලස්සන බලලා යන්නම්.

හැබැයි ඕනෙකමින් ම බැලුවා කියලා මට රවන්න නම් ඔට්ටු නැහැ ඔන්න!


Wednesday, January 02, 2013

'12 මගේ මෙව්වා එක

කාපන්...
බීපන්!
කරලා නාපන්!
වැඩට පල...
ගෙදර වර...

සින්දු ලිව්වට මියුසික් දාන්න වෙලාවක් තිබුනේ නැත. දේශ දේශාන්තර වල ගිහින් ඇවිත් බැංකු පොතේ සත පහක් ඉතුරු වී නැත. කරන්න ට නම් බොහෝ දේ ඉතුරු වී ඇත. ඉගෙන ගත්තෙම නැත. චාටර් ය.
මගේ 2012 ගෙවුනේ ඔන්න ඔය විදිහට ය.

2012 වගේ නොව 2013 වසර මට සුබ දායක ය. කේන්දර කාරයෙක් අපේ අම්මට කියා ඇත්තේ එසේය. එලම කිරි ය. 2014 ජනවාරියේ බලමු, හරිය? ;-)

Friday, December 28, 2012

දැක පොෂ් වීම...

මේක මට මේ ලඟදි දවසක සෙට් වෙච්ච පොඩි අත්දැකීමක්. හැමෝම දන්නවා ඇති නේ දියවන්නාව ගාව වෝටර්ස් එජ් එක. ඒක දැන් පට්ට ලස්සනට හදලා නේ මාමා. ඕකේ ඉතින් අපේ උදවිය මේ දවස් වල හරි හරියට ඔතනට සෙට් වෙනවා එක්සයිස් කරන්න, එක්සයිස් කරන ඒවා බලන්න, ලව් කරන්න, ලව් කරන ඒවා බලන්න, ඊටිසි. ඔන්න ඉතින් අපේ වෙන්න-හාමිනේ පොඩ්ඩ මේ දවස් වල මම මහත් වේගෙන එනවා කියල බරබරේ දාන හින්ද මමත් ගියා මෙතනට පොඩි එක්සයිස් පාරක් දාලා, දන්නේ නැද්ද... 6-in-one-pack එක 6-pack කරගන්න පොඩි ට්‍රයි එකක් දෙන්න. මීටර් 300 ක් 400 ක් ජෝගින් පාර දාද්දි ඔන්න ඉහෙන් කනින් දාඩිය දාන්න ගත්තා. දන්නේ නැද්ද ඉතින් ඉර බැහැගෙන යන වෙලාව උනත් පට්ට රස්නෙයි නේ. වටපිට බලලා ඇහැට කනට පේන කෙල්ලෝ දෙන්නෙක් ඉඳන් ඉන්න තැනකට පොඩ්ඩක් එහායින් සෙටල්මන්ට් උනා.

අපි ඉඳගත්තයි කියල මොකෝ කෙල්ලෙක් හැරිලා බලන එකක් යැ. උන් දෙන්නා ඩබලගේ පාඩුවේ කතාවක්. එක කෙල්ලෙක් හෙඩ්සෙට් එකක් එහෙම වයරින් කොරගෙන, අනිත් එක්කෙනා කියන ඒවා අහගෙන ඉන්නවා. (සින්දුයි, අනිකා කියන එව්වයි, දෙකම කොහොම අහන් හිටියාද කියලා නම් මගෙන් අහන්න එපා ඕං...) කතා කරන කෙල්ලත් හරි අපූරුවට සිංහළ භාෂාවෙන් කතා කරනවා. අනිකත් පොඩි "සිංහළ බේ" ඇක්සන්ට් භාෂාවකින් උත්තර දෙනවා. (මේක අපේ නෝනා පොඩ්ඩට කිව්වම කියපි, "ඔයා මොකටද එයාලා කතා කරන එව්වා අහන්න ගියේ..." කියලා. හත් දෙයියනේ, අහන් හිටියා නෙමෙයි... ඇහුනා!)

කොහොම කොහොම හරි ඔහොම ටික වෙලාවක් යද්දි මෙතනින් මාරුවට ඇඟ පත තියෙන "ජිම් කානා" ටයිප් එකේ සුද්දා අයියා කෙනෙකුයි, එයාගේ ඇහැට කනට පෙනෙන සුද්දා නංගි කෙනෙකුයි අපේ බංකු දෙක අතරට ඇවිත් දියවන්නාව දිහා බල බල ෆුල් පොෂ් කඩ්ඩෙන් කතා කරන්න ගත්තා. කොල්ලෝ වන අපේ මොළ පොඩ්ඩ වයරින් වෙලා තියෙන්නේ ඉතින් ඇහැට කනට පෙනෙන ළඳක් දැක්කම ඒ පැත්ත ට ඇන්ටෙනා ගෙන් එක වැඩි වෙන්න නේ. (මේවා අපේ නෝනා පොඩ්ඩ දන්න නිසා ප්‍රසිද්ධියේ කිව්වට අවුලක් නැහැ :පී) ටික වෙලාවක් යද්දී අන්ටෙනාවට අහු වුනා මේ ඩබල අයියයි නංගියි කියලා. ඇස් කොනෙන් මට පේනවා අර කලින් ම කිව්ව කෙල්ලෝ ජෝඩුවත් ඒ පැත්තට බැල්ම දාගෙන ඉන්නවා. ඔන්න පේනවා නේ ඇහැට කනට පේන්න ඉද්දි තමයි ලෝකේ ම ඇටෙන්ෂන් එක ලැබෙන්නේ. ;) හෙහේ 

මෙන්න බොලේ එක පාරටම අර හොඳට සිංහළ කතා කර කර හිටපු කෙල්ලෝ ජෝඩුව, කඩුවක් අතට අරගෙන මහා හයියෙන් වටේටම කොටපි. ඇක්සන්ට් එක ඔරිමජිනල් සින්glish... කොල්ලෝ ගැන, කොන්ඩේ පාට කරන හැටි ගැන, එක්කෙනෙක් ගේ වාසනාවන්ත කොලුපැටියා එයා කොටට අඳිනවට අකමැති ලු... ආදී විවිද මාතෘකා හරිහරියට මහා හයියෙන් සිංග්‍රීසියෙන් දොඩවනවා. ඒ දෙන්නා කතා කරපු ඉංග්‍රීසි වල ව්‍යාකරණ එහෙම සෑහෙන්න නිවැරදි ලු. සුද්දා සාමාන්‍යෙන් අනුන් ගේ කතා අහන් ඉන්න කෙනෙක් නෙමෙයි නේ. (මේ මම, අපි වගේ... ලොල්ස්) උන් දෙන්නා ට  අර කෙල්ලෝ දෙන්නා මහා හයියෙන් කෑගගහා "අපිත් සිංglish හොඳහැටි දන්නවා" කියලා පෙන්නන්න හදපු සීන් එක එච්චර මීටර් උනේ නැහැ මයේ හිතේ... (එක්කෝ මීටර් උනාට ගණන් නැත්තේ නැහැ) ;) ටික වෙලාවක් කතා කරකර හිටපු සුදු අයියා නගෝ ජෝඩුව මාත් එක්ක පොඩි හිනාවක් දාලා එතනින් 3ඩි චිත්‍ර ඇඳලා තියෙන පැත්තට යන්න ගියා.

මේ සිද්ධිය මුල ඉඳන් දැකපු අහපු මට එවෙලේ හිතුනේ ම ඇයි අපි අපේම භාෂාවක් තියාගෙන, අපේම අය එක්ක අන්තර්ජාතික භාෂාවකින් කතා කරන්නේ කියලා? කතා කරද්දී උනත්  ඒ භාෂාව හොඳටම දන්න අය ඉස්සරහා මුළු රටම නෝන්ඩි නොකර, තමුන් දන්න වෙනත් භාෂාවකින් කතා කරනවා නම් විලි උනත් බේරෙනවා නේද කියලත් මට හිතුන. එදා ඉඳන් මම හිතාගත්තා අවශ්‍ය තැනදී හැර පුළුවන් හැම වෙලාවකදීම මගේ මවු භාෂාවෙන් කතා කරන්න. 


ඒක සමහරුන් ට ලජ්ජාවට කාරණයක් උනත්, මට මහත් අභිමානයක්...

Friday, November 30, 2012

නිබ්බුත පද කිව්වේ මමයි...

මේක මේ අපේ අයියා කෙනෙක් චූ කොල්ලා කාලේ දී වෙච්ච සීන් එකක්. මේක මට අහන්න ලැබුනේ පොරගේ අම්මාගෙන්.


ඔන්න ඉතින් මේ අපේ අයියා කාරයා ඉස්කෝලේ කාලේ හෙන වැඩකාරයා. හැමදාම පන්තියේ එක නැත්තම් දෙක. දහම් පාසලෙත් එහෙමයි. හැබැයි පොර ටිකක් ප්‍රසිද්ධියේ කතා කරන්න ලැජ්ජයි. අදටත් එහෙමයි. කොහොම හරි මේ සීන් එක වෙලා තියෙන්නේ බුද්ධාගම පීරියඩ් එකේ දී. ඔන්න එදා විභාගේ ලං වෙලා නිසා ටීචර් නෝනා පොඩි රිවිෂන් එකක් කරන්න පටන් අරන්. ප්‍රශ්න අහගෙන අහගෙන යද්දී මෙන්න මෙහෙම ප්‍රශ්නයක් එලියට ඇවිල්ලා. 
"සිදුහත් කුමාරයා දැක නිබ්බුත පද කිව්වේ කවුද?" (බුද්ධාගමේ නොවන කස්ටිය ට පොඩි google search එකක් දැම්මොත් සීන් එක මීටර් කරගන්න පුළුවන්)
පොරට ලාවට නිකන් මොලේ සයිඩ් කොනෙන් මතකයි ලු උත්තරේ කිසා ගෝතමී කියලා... කොහොම උනත් ෂුවර් නැති හින්ද වෙන කවුරු හරි කියනකන් බලන් හිටිය ලු. නෝ සවුන්ඩ්! පන්තියම තක්බීර් ලු. ටික වෙලාවකට පස්සේ ඔන්න ඉතින් ටීචර් නෝනා එයා ගේ යුශුවල් බණ කැසට් එක දැම්මා ලු. "ඔයාලට උගන්නලා කිසි වැඩක් නැහැ. මීට හොඳයි හරක් ටිකක් හැදුවා නම්. එක්සේට්‍රා..." මේ කුණුහබ්බ අහන් ඉන්න බැරි කමට අන්තිමේ දී අයියා පොර ඕන එකක්, ප්‍රීති වෙසක් කියලා, ඇරලා දැම්මා ලු, "කිසා ගෝතමී" කියලා. බණ කැසට් එක දාගෙන හිටපු අස්සේ පොර කියපු එක හරියට ඇහුනේ නැති ටීචර් නෝනා එක පාරටම  ණ කැසට් එකේ pause බටන් එක ඔබලා ඇහුවලු, "කවුද කිව්වේ?" කියලා. පොඩි හීන් ආඩම්බරකමකුත් එක්ක අයියා පොර අත උස්සලා, නැගිටලා කිව්වා ලු, "ටීචර් මම" කියලා.

කොහොම හරි මේ වැඩේ හින්දා අන්තිමට පොරගේ අම්මා ටත් වයිස් ප්‍රින්සිපල් හම්බවෙන්න යන්න වෙලා. ඇහැට කනට පේන අම්මා කෙනෙක් එහෙම නිසා පොර ඉතින් පැණි හල හල කියනවා ලු, බලන්න කෝ මිස් බුද්ධාගම ටීචර් "නිබ්බුත පද කිව්වේ කවුද" කියලා ඇහුවම ඔයාගේ ළමයා ලැජ්ජා බයක් නැතුව නැගිටලා කියලා තියෙනවා නේ, "නිබ්බුත පද කිව්වේ මමයි" කියලා!



ප.ලි : තාමත් අයියා පොර ව බයිට් කරන්න ඕනේ උනාම අපි අහන්නේ, "අයියේ ඇත්තටම තමුසේ මද ඕයි නිබ්බුත පද කිව්වේ?" කියලා.

Wednesday, November 21, 2012

යහන් ගත වීමට ප්‍රථම...


මධුසමයේ දී  යහන් ගත වීමට ප්‍රථම මේ දේවල් චෙක් කිරීමෙන් ශරීරාබාධ, හා අනාගතයේ දී යන්නට සිදුවන ප්‍රිය සම්භාෂණ වල දී මිතුරන් ගේ සමච්චලයට ලක් වීම වලක්වාගත හැක.
  1. හැකි නම් කිසිම මිතුරෙක් ට ඔබ දෙපළ මධුසමය ගත කිරීමට යන ස්ථානය දැනුම් දීමෙන් වලකින්න. (මෙය කරගත හැකි නම් මේ පොස්ට් එක තවදුරටත් කියවීමෙන් පලක් නැත.)
  2. ඔබ මධුසමය ගත කිරීමට යන්නේ හෝටලයක ට හෝ නිවාඩු නිකේතනයකට නම්, එහි ගිය විගස කලින් වෙන් කරගත් කාමරයක් ඇති නම් මොනවා හරි හේතුවක් ලබාදී වෙන් කරගත් කාමරය වෙනුවට වෙනත් කාමරයක් ලබා ගන්න.
  3. මිතුරන්, මස්සිනා ලා විසින් ලබා දෙන කිසිවක් පානය නොකරන්න.
  4. කාමරයට ගිය විගස දොර ජනෙල් වසා අගුලු දමා ගන්න.
  5. දොරේ අගුල වැටි ඇත්දැයි නැවත වරක් පරීක්ෂා කරන්න.
  6. ඇඳ වෙත යන්න. ඇඳේ කකුල් හතරම හොඳින් ඇතිදැයි පරීක්ෂා කර බලන්න. ඇඳ හයියියෙන් සොලවා බලන්න. ගියපු ගමන් ඇඳ උඩ වාඩිවීමෙන් වලකින්න.
  7. ඇඳ හිමිහිට අතගා කහඹිලියා වැනි දෑ ගා ඇත්දැයි සැක හැර දැනගන්න. කෝකටත් ඇඳ ඇතිරිලි ඉවත් කර මෙට්ටය අනිත් පස හරවන්න.
  8. තමන්ගේම තුවා, සබන්, ෂැම්පු ආදිය රැගෙන යන්න. කිසිම විටෙක යාළුවන් හෝ මස්සිනා ලා ලබා දෙන තුවා, ෂැම්පු ආදිය පාවිච්චි කිරීමෙන් වලකින්න.
  9. තමන් ගේ හෝ බිරිඳ ගේ නිවස ට මධුසමය සඳහා කිසිම විටෙක නොයන්න.
  10. ජංගම දුරකථන සියල්ල ක්‍රියා විරහිත කර දමන්න.


මස්සිනා ලා හා මිතුරන් එකතු වූ අවස්ථා වලදී තමන් විසින් තම මිතුරා ට දුන් රැග් පිලිබඳ කතා ආශ්‍රිතව මෙම පොස්ට් එක ලියවී ඇත.

Tuesday, November 20, 2012

ඔබ කෙනෙක් ට ආදරේ නම්... (සතුටෙන් ජීවත් විය හැකි මග)


තමුන් ට ගැලපෙන විදිහ අනුගමනය කිරීමෙන් සතුටෙන් ජීවත් විය හැක. ඔබ ගැන පහත සඳහන් වී නැති නම්, ඔබේ ගතිගුණ යොදා පහලින් කොමෙන්ට් එකක් දැමීමෙන් ඔබට ම විශේෂිත ව සැකසුනු "ක්‍රියා කල යුතු ආකාරය" නොමිලේ ම ලබා ගත හැක.

ඔරිමජිනල් එක : ඔබ කෙනෙක් ට ආදරේ නම්, ඔහුට හෝ ඇයට යන්න දෙන්න. ඔවුන් ඔබ වෙත යලි පැමිණියා නම්, සදහටම ඔබගේ මය. නොපැමිණියා නම් ඔවුන් කෙදිනකවත් ඔබගේ වී නැත.

ඔබ ධනාත්මක ව හිතන්නෙක් නම් :  ඔබ කෙනෙක් ට ආදරේ නම්, ඔහුට හෝ ඇයට යන්න දෙන්න.  ඔවුන් ඔබ වෙත යලි පැමිණෙනු ඇත.

ඔබ ඍණාත්මක ව හිතන්නෙක් නම් : ඔබ කෙනෙක් ට ආදරේ නම්, ඔහුට හෝ ඇයට යන්න දෙන්න.  ඔවුන් ඔබ වෙත යලි පැමිණියා නම්, සදහටම ඔබගේ මය. නොපැමිණියා නම් ඔබ බලාපොරොත්තු වූ සේම කෙදිනකවත් ඔවුන් ඔබගේ වී නැත.

ඔහුව හෝ ඇයව සැක නම් : ඔබ කෙනෙක් ට ආදරේ නම්, ඔහුට හෝ ඇයට යන්න දෙන්න. ඔවුන් ඔබ වෙත යලි පැමිණියා නම්, "කොහේ ද ගියේ?" යැයි විමසන්න.

ඔබ ට කඩි කුලප්පුව නම්ඔබ කෙනෙකට ආදරේ නම්, ඔහුට හෝ ඇයට යන්න දෙන්න. ආවේ නැත්තම් වෙන අතක් බලා ගන්න.

ඔබ ඉවසිලිවන්ත නම් : ඔබ කෙනෙකට ආදරේ නම්, ඔහුට හෝ ඇයට යන්න දෙන්න.  ඔවුන් ඔබ වෙත යලි පැමිණෙන තෙක් මග බලා සිටින්න.

ඔබ සල්ලාල නම් ඔබ කෙනෙක් ට ආදරේ නම්, ඔහුට හෝ ඇයට යන්න දෙන්න. ඔවුන් ඔබ වෙත යලි පැමිණෙද්දී ඔබ තාමත් ආදරේ නම්, ටික කලකට පසු ආයෙත් යන්න දෙන්න. *යලි නොපැමිණෙන තෙක් ක්‍රියාත්මක කරන්න.

ඔබ ඔහුව හෝ ඇයව යටත් කර ගෙන සිටී නම්ඔබ කෙනෙක් ට ආදරේ නම්, ඔහුට හෝ ඇයට යන්න දෙන්න එපා.

ඔබ මාර්කටින් කරන කෙනෙක් නම්ඔබ කෙනෙක් ට ආදරේ නම්, ඔහුට හෝ ඇයට යන්න දෙන්න. ඔවුන් ඔබ වෙත යලි පැමිණියා නම්, සදහටම ඔබගේ මය. නොපැමිණියා නම් ඔබ ට වෙනත් වෙළඳපොලකට මාරු වීමට කාලය පැමිණ ඇත.

ඔබ HR කරන කෙනෙක් නම්ඔබ කෙනෙක් ට ආදරේ නම්, ඔහුට හෝ ඇයට යන්න දෙන්න. ඉන්පසු ඔහුගේ හෝ ඇයගේ සේවාවන් අඩු ගානකට outsource කරන්න. 


Sunday, November 18, 2012

කොල්ලා vs මොළේ තියෙන කොල්ලා


කොල්ලෙක් කියන්නේ, "කමක් නැහැ මම ම ඒක තනියම කරගන්නම්", කියලා කෙල්ලෙක් කිව්ව ම එයා ට කරගන්න ඉඩ දීල පැත්තකට වෙන කෙනෙක්.

කෙල්ලෙක් කියන්නේ, කොල්ලෙක් ට "කමක් නැහැ මම ම ඒක තනියම කරගන්නම්", කියලා එයා කිව්ව ම එයා ට කරගන්න ඉඩ දීල කොල්ලා පැත්තකට වුනා ම - ඒක ට මල පනින කෙනෙක්.

කොල්ලෙක් කියන්නේ, "කමක් නැහැ මම ම ඒක තනියම කරගන්නම්", කියලා කෙල්ලෙක් කිව්ව ම එයා ට කරගන්න ඉඩ දීල පැත්තකට වුනා ම - ඒක ට කෙල්ල ට මල පැන්න ම, "ඇයි දැන් ඔයා මේ තරහා වෙලා ඉන්නේ?" කියලා අහන කෙනෙක්.

කෙල්ලෙක් කියන්නේ, "කමක් නැහැ මම ම ඒක තනියම කරගන්නම්", කියලා කෙල්ලෙක් කිව්ව ම එයා ට කරගන්න ඉඩ දීල කොල්ලා පැත්තකට වුනා ම - ඒක ට එයා ට මල පැන්න ම, "ඇයි දැන් ඔයා මේ තරහා වෙලා ඉන්නේ?" කියලා කොල්ලා ඇහුවා ම - "ඔයාට මාව තේරුම් ගන්න බැරිනම් මම ඒක ඔයාට කියලා වැඩක් නැහැ!" කියලා කියන කෙනෙක්.

කොල්ලෙක් කියන්නේ මේ සංවාදේ දිගින් දිගට ම අරන් ගිහින් අන්තිම ට පරාද වෙන කෙනෙක්.

මොළේ තියෙන කොල්ලෙක් කියන්නේ... "අනේ සොරි. කෝ දෙන්න මම ඔයාට ඕක කරලා දෙන්නම්." කියලා මේ සංවාදේ ඔතනින් නවත්ත ගන්න කෙනෙක්.


අත්දැකීම් මත පදනම් වෙච්ච එකක් ලු. සංවාදය ට විවෘත යි ඈ...

කෙලසීම...

මුලින් ම කෙලසුවේ මාධ්‍යය සතුව තිබූ කතා කිරීමේ නිදහස යි. මට ගානක් වත් නැත. මාධ්‍යය මර්ධනය කළා කියලා මට පාන් ද?

ඉන්පසු කෙලසුවේ විපක්ෂය සතුව තිබූ පන්නරය යි. මට මොකෝ? ඕකුන් ඔක්කොම එකයි!

අන්තිමට කෙලසුවේ නීතිය සතුව තිබූ ස්වාධීනත්වය යි. අනේ ඕවට කෑගහලා නිකන් වරිගේ නහගන්න ඕනේ යෑ... හොරු එක්ක මොන නීති ද?

දැන් මාවත් කෙළසන්න එන දිනය අත ළඟ යි. මම හොඳටම බය වෙලා.
කෝ මේවා ප්‍රසිද්ධියේ පෙන්නන මාධ්‍යය? කෝ මේවට විරුද්ධව කෑගහපු විපක්ෂය?? කෝ මට යුක්තිය ඉටු කරන්න නීතිය???

මම තනිවෙලා...

Wednesday, November 14, 2012

දේශපාලනය

ඔන්න එක මත්තෙක රට ක පුංචි ළමයෙක් ට දේශපාලනය කියන්නේ මොකක් ද කියන එක ලොකු ප්‍රශ්නයක් උනා. ඉතින් මේ ළමයා එයාගේ තාත්තාගෙන් ගිහින් අහනවා, "තාත්තේ තාත්තේ , දේශපාලනය කියන්නේ මොකක් ද?" කියලා. මේ තාත්තාත් ටිකක් රැඩිකල් පොරක්. ළමයට තේරෙන විදිහට කියලා දෙන්න ඕනේ කියලා හිතලා පොර මෙහෙම කියනවා. "පුතේ දේශපාලනය කියන්නේ නිකන් අපේ පවුල වගේ. දැන් බලන්න, තාත්තා නේ ගෙදරට සල්ලි හම්බ කරන්නේ. ඉතින් තාත්තා තමයි ධනවාදී පන්තිය. එතකොට අම්මා නේ අපි ඔක්කොමල ට කන්න බොන්න දීලා බලා ගන්නේ. ඉතින් අම්මා තමයි ආණ්ඩුව. එතකොට අර නීලා... එයා නේ ගෙදර වැඩ ඔක්කොම කරන්නේ පුතේ. ඒ නිසා එයා තමයි වැඩකරන ජනතාව. එතකොට පුතා ව අපි සාමාන්‍ය ජනතාව විදිහට ගමුකෝ. එතකොට චූටි මල්ලියා තමයි රටේ අනාගතය... පුතා ට දැන් තේරුනා ද දේශපාලනය කියන්නේ මොකක් ද කියලා?" පුංචි එකත් ඉතින් තේරුණා වගේ බොරුවට ඔලුව වැනුවා. තාත්ත ට දැන් ෆුල් හැපී. හරියට නිකන් තමුන් ව චේ ගුවේරා වගේ තමයි පෙනුනේ.

ඔන්න ඉතින් කොහොම කොහොම හරි රෑ වෙලා කස්ටිය ඔක්කොම නින්දට වැටුනා.මේ පුංචි එකා ඇඳට වෙලා තාත්තා පොඩ්ඩකට ඉස්සෙල්ල කියපු එක ගැන හිත හිත ඉන්නවා. එක පාරටම එහා කාමරේ චූටි මල්ලියා කෑ ගහන සද්දයක් අවා. පුංචි ළමයා ඇඳෙන් බැහැල දුවගෙන ගියා මල්ලි ට මොකද වෙලා තියෙන්නේ බලන්න. හෆ්ෆා, මල්ලියා ඇඳේ කක්කා දාලා නේ. පුංචි එකා අම්මා ගේ කාමරේ ට දුවගෙන ගියා. අම්මා මර නින්දේ. ඇහැරෙන පාටක් නෑ. උදේ ඉඳන් මහන්සි වෙච්ච අම්මට කරදර කරන්න හොඳ නැති නිසා, මේ ළමයා දුවගෙන ගියා ආයා ගේ කාමරේ ට. දොර ට අගුළු දාල. ඇතුලෙන් හිමිහිට කොඳුරන සද්දයක් ඇහෙන නිසා පුටුවක් තියලා දොර හිලෙන් බලද්දී තාත්තා අයා ගේ ඇඟ උඩ නැගගෙන බරටම වැඩ. (මේ පුංචි කොල්ලට ඕව තේරෙන්නේ නැහැ නේ) පුංචා හොඳට බැලුව මෙයාලා මොනවද කරන්නේ කියලා. අයා ගේ ඇස් උද ගිහින්, මුහුණ රතු වෙලා, "අනේ බුදු මහත්තයෝ, මට තව ඉවසන්න බෑ" කියල කෑගහනවා. අන්තිමට වැඩේ ඉවර වෙලා තාත්තා ආයා ට කියනවා ලු, "හෙට ආවොත් මම මීට වැඩ සැප දෙන්නම්" කියලා. මේ ඔක්කොම බලන් හිටපු මේ පුංචි ළමයා ආයෙත් ඇඳට යනවා ලු දොයි මත හින්දා.


ඊලඟ දවසේ උදේ තාත්තා වැඩට යන්න ලැස්ති වෙලා අම්මා කෑම එක ඔතල දෙනකන් බලන් ඉද්දි, පුංචි පුතා දුවගෙන ඇවිල්ල තාත්තා ට කියනවා ලු, "තාත්තේ තාත්තේ, තාත්තා ඊයේ කියපු දේශපාලනය ගැන මට දැන් හොඳට තේරෙනවා" කියලා. ඉතින් මේ ළමය ව බොහොම ආදරෙන් උකුලට ගත්ත තාත්තා කිව්වා ලු, "ආ එහෙනම් පුතා කියන්න බලන්න අම්මා ටත් ඇහෙන්න දේශපාලනය කියන්නේ මොකක් ද කියලා..."

"තාත්තේ දේශපාලනය කියන්නේ, සාමාන්‍ය ජනතාව ගේ ඇස් දෙක ඉස්සරහා රටේ අනාගතය කක්කා ගොඩක් මැද තියලා ආණ්ඩුව මර නින්දේ ඉද්දි, ධනවාදය වැඩකරන ජනතාව බිම දාගෙන, "අනේ මහත්තයෝ මට තව ඉවසන්න බැහැ" කියද්දී, "හෙට ආවොත් මම මීට වඩා සැප දෙන්නම්... කියන එක නේද?"

පුංචි ළමයා අම්මා ඉස්සරහ මෙහෙම කියද්දී තාත්තා ට තරු විසි වුනා.


Tuesday, November 13, 2012

සල්ලාල ධනපතියා...


ඔන්න එකමත්තෙක කාලෙක සල්ලාල ධනපතියෙක් එයාගේ අම්මා එක්ක ජීවත් උනා. මේ අම්මා හුඟාක් මහළුයි. ඉතින් මේ අම්මා තමුන්ගේ පුතා ට කතා කරලා මෙහෙම කියනවා. "පුතේ මම ජීවත් වෙලා ඉන්නේ තව ටික කාලයයි. මම ආසයි මම මැරෙන්න කලින් උඹ ඔය සල්ලාල ජීවිතේ අත ඇරලා හොඳ ගෑනියෙක් බැඳලා සතුටින් ජීවත් වෙනවා දකින්න." මේක අහපු පුතා "හොඳයි අම්මේ, මම එහෙම කරන්නම්. මම හෙටම කෙනෙක් ව හොයාගෙන අම්මා ගේ ආසාව ඉෂ්ට කරන්නම්." , කියලා කිව්වා.



දැන් පුතා ට හරි ප්‍රශ්නයක් කොහොමද හොඳ ගෑනියෙක් හොයා ගන්නේ කියන එක. මොකද මෙච්චර කාලයක් පොර හිටියේ පොර වගේම සල්ලාල ගෑනු එක්ක. ඉතින් මූ ගිහින් පොර ගේ කසින් අක්කා කෙනෙක් ගෙන් අහනවා, "කොහොමද ඕයි හොඳ ගෑනියෙක් හොයා ගන්නේ" කියලා. මේ කසින් අක්කා මාකටින්, බිස්නස් ලෝ එහෙම කරපු කෙනෙක්. මේකී ගත් කටට ම කියපි, "උඹ පොඩි රිසච් එකක් කරපං උඹ හිටපු හොඳම කෙල්ලෝ තුන් දෙනා ගැන. උන්ගෙන් හොඳම එකී තෝරාගෙන බැඳපන්" කියලා.

ඉතින් මේ ධනපති ඩයල් එකත් කසින් අක්කා කිව්ව විදිහට පොරත් එක්ක හිටිය සුපිරිම කෙල්ලෝ තුන් දෙනාට කතා කරලා රුපියල් ලක්ෂ 10 බැගින් දීලා කියනවා, "ඔයාලා තුන් දෙනාගෙන් එක්කෙනෙක් ව මම බඳිනවා. ඔයා ලා කැමති දෙයක් මේකෙන් කරන්න. ඔයාලා අද දවස ඇතුලත මේකෙන් කරන දේවල් වලින් තමයි මම තීරණය කරන්නේ කාව ද මම බඳින්නේ." කියලා. කෙල්ලෝ තුන් දෙනාට මාර හැපී ලු ඉතින්. ඇයි ඉතින් බැඳ ගත්තා නම් ගොඩ නේ.

පලවෙනි කෙල්ල ටිකක් ස්ටයිලිෂ් එකක් ලු. ඉතින් පලවෙනි කෙල්ල සල්ලි ටික වියදම් කරලා ඇඳුම් පැළඳුම්, මේකප් බඩු කෑලි, එව්වා මෙව්වා අරගෙන සැලෝන් එකට ගිහින් කොන්ඩේ කපලා, ස්‌පා එකකට ගිහින් බොඩි ස්කෘබ් එහෙම කරලා, පට්ට ජිම් එකකින් මෙම්බර්ෂිප් එකක් එහෙම අරගෙන ඇවිත් පොරට කියනවා ලු, "බලන්න ඔයාව සතුටින් තියන්න, ඔයා යන තැන් වල ට ගැලපෙන විදිහට යන්න මම ලස්සන වෙලා ආවා." කියලා. ඉතින් පොරට හරි හැපී ලු මේ කෙල්ල බැඳගත්තා නම් ෆුල් හැපනින් කියලා.

ඒ අතරතුරේ දෙවෙනි කෙල්ල ටිකක් කපටි ලු. ඒකි බැලුව ලු මේ ලක්ෂ පහ වගේ ද මූව බැඳගත්තා නම් දත ගලවන්න පුළුවන් නේ ලොවෙත් නැති වෙන්න කියලා පොර ව ඉම්ප්රෙස් කරන්න ඒ සල්ලි ඔක්කොම වියදම් කරලා පොරට ඇඳුම්, කෑම බීම, පොර ගේ අම්මට ඇඳුම්, කෑම, බෙහෙත් ඔක්කොම අරගෙන ගිහින් පොර ට කියනවා ලු, "මම ආදරේ ඔයාගේ සල්ලි වලට නෙමෙයි. ඔයා ට. මට ඔයාගේ අම්මා වත් බලාගෙන ඔයත් එක්ක සතුටින් ඉන්න තමයි ඕනේ." කියලා. පොර මේක අහලා සෑහෙන ඉම්ප්රෙස් උනා ලු.

තුන්වෙනි කෙල්ල මාර බිස්නස් මයින්ඩඩ් කෙනෙක් ලු. එකී හිතුවලු, මූ මට දුන්න සල්ලි ඩබල් කරලා පෙන්නුවොත් මූ සතුටු වෙයි කියලා. ඉතින් මේකි සල්ලි ටික අරන් වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකට දුවගෙන ගිහිල්ලා ස්ටොක් බ්‍රෝකර් කෙනෙක් අල්ලලා ෂෙයාර් එක නගී කියලා හිතිච්ච එකක ඉන්වෙස්ට් කලා ලු. හිතුවා වගේ ම දවසේ අන්තිමේ ෂෙයාර් වැලියු එක දෙගුනේටත් වඩා වැඩි ගානකට විකුනගත්ත කෙල්ල දුවගෙන ගිහින් පොර දුන්න ලක්ෂ 10 අතට දීලා අනිත් සල්ලි ඔක්කොම ජොයින්ට් එකවුන්ට් එකකට දාලා කිව්වලු, "ඔයා මාව බැන්දොත් ඔයාගේ මේ වත්කම් ඔක්කොම ඩබල් කරගන්න පුළුවන් කියලා." පොරට හුස්ම හිරවෙන්න වගේ ආවලු කෙල්ල ගේ බිස්නස් මයින්ඩ් එක දැකලා.

කොහොම හරි බඳින කෙනා ගැන මුළු රෑ ම නිදි මරාගෙන කල්පනා කරපු පොර ඊළඟ දවසේ පලවෙනි කෙල්ල ව කසාද බැන්දා ලු. ඉතින් දැන් අර කසින් අක්කට මේක හරි ප්‍රෙහෙලිකාවක් ලු. ගෑනි එයාගේ හස්බන්ඩා ට කිව්වා ලු පොර ගෙන් අහන් එන්න කියලා ඇයි අර සල්ලි ඔක්කොම වියදම් කරපු කෙල්ලව කසාද බැන්දේ කියලා. පොර හස්බන්ඩා ට දීපු උත්තරේ ඇහුව කසින් අක්කා ඔලුවේ ඇත ගහ ගත්තා ලු.




හස්බන්ඩා - "ඇයි බන් උඹ අනිත් කෙල්ලෝ අතරින් මෙයාව ම තෝර ගත්තේ?"
පොර - "අනිත් දෙන්නටම වඩා මෙයාගේ කුක්කු දෙක ලොකුයි මචන්!"