Friday, November 30, 2012

නිබ්බුත පද කිව්වේ මමයි...

මේක මේ අපේ අයියා කෙනෙක් චූ කොල්ලා කාලේ දී වෙච්ච සීන් එකක්. මේක මට අහන්න ලැබුනේ පොරගේ අම්මාගෙන්.


ඔන්න ඉතින් මේ අපේ අයියා කාරයා ඉස්කෝලේ කාලේ හෙන වැඩකාරයා. හැමදාම පන්තියේ එක නැත්තම් දෙක. දහම් පාසලෙත් එහෙමයි. හැබැයි පොර ටිකක් ප්‍රසිද්ධියේ කතා කරන්න ලැජ්ජයි. අදටත් එහෙමයි. කොහොම හරි මේ සීන් එක වෙලා තියෙන්නේ බුද්ධාගම පීරියඩ් එකේ දී. ඔන්න එදා විභාගේ ලං වෙලා නිසා ටීචර් නෝනා පොඩි රිවිෂන් එකක් කරන්න පටන් අරන්. ප්‍රශ්න අහගෙන අහගෙන යද්දී මෙන්න මෙහෙම ප්‍රශ්නයක් එලියට ඇවිල්ලා. 
"සිදුහත් කුමාරයා දැක නිබ්බුත පද කිව්වේ කවුද?" (බුද්ධාගමේ නොවන කස්ටිය ට පොඩි google search එකක් දැම්මොත් සීන් එක මීටර් කරගන්න පුළුවන්)
පොරට ලාවට නිකන් මොලේ සයිඩ් කොනෙන් මතකයි ලු උත්තරේ කිසා ගෝතමී කියලා... කොහොම උනත් ෂුවර් නැති හින්ද වෙන කවුරු හරි කියනකන් බලන් හිටිය ලු. නෝ සවුන්ඩ්! පන්තියම තක්බීර් ලු. ටික වෙලාවකට පස්සේ ඔන්න ඉතින් ටීචර් නෝනා එයා ගේ යුශුවල් බණ කැසට් එක දැම්මා ලු. "ඔයාලට උගන්නලා කිසි වැඩක් නැහැ. මීට හොඳයි හරක් ටිකක් හැදුවා නම්. එක්සේට්‍රා..." මේ කුණුහබ්බ අහන් ඉන්න බැරි කමට අන්තිමේ දී අයියා පොර ඕන එකක්, ප්‍රීති වෙසක් කියලා, ඇරලා දැම්මා ලු, "කිසා ගෝතමී" කියලා. බණ කැසට් එක දාගෙන හිටපු අස්සේ පොර කියපු එක හරියට ඇහුනේ නැති ටීචර් නෝනා එක පාරටම  ණ කැසට් එකේ pause බටන් එක ඔබලා ඇහුවලු, "කවුද කිව්වේ?" කියලා. පොඩි හීන් ආඩම්බරකමකුත් එක්ක අයියා පොර අත උස්සලා, නැගිටලා කිව්වා ලු, "ටීචර් මම" කියලා.

කොහොම හරි මේ වැඩේ හින්දා අන්තිමට පොරගේ අම්මා ටත් වයිස් ප්‍රින්සිපල් හම්බවෙන්න යන්න වෙලා. ඇහැට කනට පේන අම්මා කෙනෙක් එහෙම නිසා පොර ඉතින් පැණි හල හල කියනවා ලු, බලන්න කෝ මිස් බුද්ධාගම ටීචර් "නිබ්බුත පද කිව්වේ කවුද" කියලා ඇහුවම ඔයාගේ ළමයා ලැජ්ජා බයක් නැතුව නැගිටලා කියලා තියෙනවා නේ, "නිබ්බුත පද කිව්වේ මමයි" කියලා!



ප.ලි : තාමත් අයියා පොර ව බයිට් කරන්න ඕනේ උනාම අපි අහන්නේ, "අයියේ ඇත්තටම තමුසේ මද ඕයි නිබ්බුත පද කිව්වේ?" කියලා.

Wednesday, November 21, 2012

යහන් ගත වීමට ප්‍රථම...


මධුසමයේ දී  යහන් ගත වීමට ප්‍රථම මේ දේවල් චෙක් කිරීමෙන් ශරීරාබාධ, හා අනාගතයේ දී යන්නට සිදුවන ප්‍රිය සම්භාෂණ වල දී මිතුරන් ගේ සමච්චලයට ලක් වීම වලක්වාගත හැක.
  1. හැකි නම් කිසිම මිතුරෙක් ට ඔබ දෙපළ මධුසමය ගත කිරීමට යන ස්ථානය දැනුම් දීමෙන් වලකින්න. (මෙය කරගත හැකි නම් මේ පොස්ට් එක තවදුරටත් කියවීමෙන් පලක් නැත.)
  2. ඔබ මධුසමය ගත කිරීමට යන්නේ හෝටලයක ට හෝ නිවාඩු නිකේතනයකට නම්, එහි ගිය විගස කලින් වෙන් කරගත් කාමරයක් ඇති නම් මොනවා හරි හේතුවක් ලබාදී වෙන් කරගත් කාමරය වෙනුවට වෙනත් කාමරයක් ලබා ගන්න.
  3. මිතුරන්, මස්සිනා ලා විසින් ලබා දෙන කිසිවක් පානය නොකරන්න.
  4. කාමරයට ගිය විගස දොර ජනෙල් වසා අගුලු දමා ගන්න.
  5. දොරේ අගුල වැටි ඇත්දැයි නැවත වරක් පරීක්ෂා කරන්න.
  6. ඇඳ වෙත යන්න. ඇඳේ කකුල් හතරම හොඳින් ඇතිදැයි පරීක්ෂා කර බලන්න. ඇඳ හයියියෙන් සොලවා බලන්න. ගියපු ගමන් ඇඳ උඩ වාඩිවීමෙන් වලකින්න.
  7. ඇඳ හිමිහිට අතගා කහඹිලියා වැනි දෑ ගා ඇත්දැයි සැක හැර දැනගන්න. කෝකටත් ඇඳ ඇතිරිලි ඉවත් කර මෙට්ටය අනිත් පස හරවන්න.
  8. තමන්ගේම තුවා, සබන්, ෂැම්පු ආදිය රැගෙන යන්න. කිසිම විටෙක යාළුවන් හෝ මස්සිනා ලා ලබා දෙන තුවා, ෂැම්පු ආදිය පාවිච්චි කිරීමෙන් වලකින්න.
  9. තමන් ගේ හෝ බිරිඳ ගේ නිවස ට මධුසමය සඳහා කිසිම විටෙක නොයන්න.
  10. ජංගම දුරකථන සියල්ල ක්‍රියා විරහිත කර දමන්න.


මස්සිනා ලා හා මිතුරන් එකතු වූ අවස්ථා වලදී තමන් විසින් තම මිතුරා ට දුන් රැග් පිලිබඳ කතා ආශ්‍රිතව මෙම පොස්ට් එක ලියවී ඇත.

Tuesday, November 20, 2012

ඔබ කෙනෙක් ට ආදරේ නම්... (සතුටෙන් ජීවත් විය හැකි මග)


තමුන් ට ගැලපෙන විදිහ අනුගමනය කිරීමෙන් සතුටෙන් ජීවත් විය හැක. ඔබ ගැන පහත සඳහන් වී නැති නම්, ඔබේ ගතිගුණ යොදා පහලින් කොමෙන්ට් එකක් දැමීමෙන් ඔබට ම විශේෂිත ව සැකසුනු "ක්‍රියා කල යුතු ආකාරය" නොමිලේ ම ලබා ගත හැක.

ඔරිමජිනල් එක : ඔබ කෙනෙක් ට ආදරේ නම්, ඔහුට හෝ ඇයට යන්න දෙන්න. ඔවුන් ඔබ වෙත යලි පැමිණියා නම්, සදහටම ඔබගේ මය. නොපැමිණියා නම් ඔවුන් කෙදිනකවත් ඔබගේ වී නැත.

ඔබ ධනාත්මක ව හිතන්නෙක් නම් :  ඔබ කෙනෙක් ට ආදරේ නම්, ඔහුට හෝ ඇයට යන්න දෙන්න.  ඔවුන් ඔබ වෙත යලි පැමිණෙනු ඇත.

ඔබ ඍණාත්මක ව හිතන්නෙක් නම් : ඔබ කෙනෙක් ට ආදරේ නම්, ඔහුට හෝ ඇයට යන්න දෙන්න.  ඔවුන් ඔබ වෙත යලි පැමිණියා නම්, සදහටම ඔබගේ මය. නොපැමිණියා නම් ඔබ බලාපොරොත්තු වූ සේම කෙදිනකවත් ඔවුන් ඔබගේ වී නැත.

ඔහුව හෝ ඇයව සැක නම් : ඔබ කෙනෙක් ට ආදරේ නම්, ඔහුට හෝ ඇයට යන්න දෙන්න. ඔවුන් ඔබ වෙත යලි පැමිණියා නම්, "කොහේ ද ගියේ?" යැයි විමසන්න.

ඔබ ට කඩි කුලප්පුව නම්ඔබ කෙනෙකට ආදරේ නම්, ඔහුට හෝ ඇයට යන්න දෙන්න. ආවේ නැත්තම් වෙන අතක් බලා ගන්න.

ඔබ ඉවසිලිවන්ත නම් : ඔබ කෙනෙකට ආදරේ නම්, ඔහුට හෝ ඇයට යන්න දෙන්න.  ඔවුන් ඔබ වෙත යලි පැමිණෙන තෙක් මග බලා සිටින්න.

ඔබ සල්ලාල නම් ඔබ කෙනෙක් ට ආදරේ නම්, ඔහුට හෝ ඇයට යන්න දෙන්න. ඔවුන් ඔබ වෙත යලි පැමිණෙද්දී ඔබ තාමත් ආදරේ නම්, ටික කලකට පසු ආයෙත් යන්න දෙන්න. *යලි නොපැමිණෙන තෙක් ක්‍රියාත්මක කරන්න.

ඔබ ඔහුව හෝ ඇයව යටත් කර ගෙන සිටී නම්ඔබ කෙනෙක් ට ආදරේ නම්, ඔහුට හෝ ඇයට යන්න දෙන්න එපා.

ඔබ මාර්කටින් කරන කෙනෙක් නම්ඔබ කෙනෙක් ට ආදරේ නම්, ඔහුට හෝ ඇයට යන්න දෙන්න. ඔවුන් ඔබ වෙත යලි පැමිණියා නම්, සදහටම ඔබගේ මය. නොපැමිණියා නම් ඔබ ට වෙනත් වෙළඳපොලකට මාරු වීමට කාලය පැමිණ ඇත.

ඔබ HR කරන කෙනෙක් නම්ඔබ කෙනෙක් ට ආදරේ නම්, ඔහුට හෝ ඇයට යන්න දෙන්න. ඉන්පසු ඔහුගේ හෝ ඇයගේ සේවාවන් අඩු ගානකට outsource කරන්න. 


Sunday, November 18, 2012

කොල්ලා vs මොළේ තියෙන කොල්ලා


කොල්ලෙක් කියන්නේ, "කමක් නැහැ මම ම ඒක තනියම කරගන්නම්", කියලා කෙල්ලෙක් කිව්ව ම එයා ට කරගන්න ඉඩ දීල පැත්තකට වෙන කෙනෙක්.

කෙල්ලෙක් කියන්නේ, කොල්ලෙක් ට "කමක් නැහැ මම ම ඒක තනියම කරගන්නම්", කියලා එයා කිව්ව ම එයා ට කරගන්න ඉඩ දීල කොල්ලා පැත්තකට වුනා ම - ඒක ට මල පනින කෙනෙක්.

කොල්ලෙක් කියන්නේ, "කමක් නැහැ මම ම ඒක තනියම කරගන්නම්", කියලා කෙල්ලෙක් කිව්ව ම එයා ට කරගන්න ඉඩ දීල පැත්තකට වුනා ම - ඒක ට කෙල්ල ට මල පැන්න ම, "ඇයි දැන් ඔයා මේ තරහා වෙලා ඉන්නේ?" කියලා අහන කෙනෙක්.

කෙල්ලෙක් කියන්නේ, "කමක් නැහැ මම ම ඒක තනියම කරගන්නම්", කියලා කෙල්ලෙක් කිව්ව ම එයා ට කරගන්න ඉඩ දීල කොල්ලා පැත්තකට වුනා ම - ඒක ට එයා ට මල පැන්න ම, "ඇයි දැන් ඔයා මේ තරහා වෙලා ඉන්නේ?" කියලා කොල්ලා ඇහුවා ම - "ඔයාට මාව තේරුම් ගන්න බැරිනම් මම ඒක ඔයාට කියලා වැඩක් නැහැ!" කියලා කියන කෙනෙක්.

කොල්ලෙක් කියන්නේ මේ සංවාදේ දිගින් දිගට ම අරන් ගිහින් අන්තිම ට පරාද වෙන කෙනෙක්.

මොළේ තියෙන කොල්ලෙක් කියන්නේ... "අනේ සොරි. කෝ දෙන්න මම ඔයාට ඕක කරලා දෙන්නම්." කියලා මේ සංවාදේ ඔතනින් නවත්ත ගන්න කෙනෙක්.


අත්දැකීම් මත පදනම් වෙච්ච එකක් ලු. සංවාදය ට විවෘත යි ඈ...

කෙලසීම...

මුලින් ම කෙලසුවේ මාධ්‍යය සතුව තිබූ කතා කිරීමේ නිදහස යි. මට ගානක් වත් නැත. මාධ්‍යය මර්ධනය කළා කියලා මට පාන් ද?

ඉන්පසු කෙලසුවේ විපක්ෂය සතුව තිබූ පන්නරය යි. මට මොකෝ? ඕකුන් ඔක්කොම එකයි!

අන්තිමට කෙලසුවේ නීතිය සතුව තිබූ ස්වාධීනත්වය යි. අනේ ඕවට කෑගහලා නිකන් වරිගේ නහගන්න ඕනේ යෑ... හොරු එක්ක මොන නීති ද?

දැන් මාවත් කෙළසන්න එන දිනය අත ළඟ යි. මම හොඳටම බය වෙලා.
කෝ මේවා ප්‍රසිද්ධියේ පෙන්නන මාධ්‍යය? කෝ මේවට විරුද්ධව කෑගහපු විපක්ෂය?? කෝ මට යුක්තිය ඉටු කරන්න නීතිය???

මම තනිවෙලා...

Wednesday, November 14, 2012

දේශපාලනය

ඔන්න එක මත්තෙක රට ක පුංචි ළමයෙක් ට දේශපාලනය කියන්නේ මොකක් ද කියන එක ලොකු ප්‍රශ්නයක් උනා. ඉතින් මේ ළමයා එයාගේ තාත්තාගෙන් ගිහින් අහනවා, "තාත්තේ තාත්තේ , දේශපාලනය කියන්නේ මොකක් ද?" කියලා. මේ තාත්තාත් ටිකක් රැඩිකල් පොරක්. ළමයට තේරෙන විදිහට කියලා දෙන්න ඕනේ කියලා හිතලා පොර මෙහෙම කියනවා. "පුතේ දේශපාලනය කියන්නේ නිකන් අපේ පවුල වගේ. දැන් බලන්න, තාත්තා නේ ගෙදරට සල්ලි හම්බ කරන්නේ. ඉතින් තාත්තා තමයි ධනවාදී පන්තිය. එතකොට අම්මා නේ අපි ඔක්කොමල ට කන්න බොන්න දීලා බලා ගන්නේ. ඉතින් අම්මා තමයි ආණ්ඩුව. එතකොට අර නීලා... එයා නේ ගෙදර වැඩ ඔක්කොම කරන්නේ පුතේ. ඒ නිසා එයා තමයි වැඩකරන ජනතාව. එතකොට පුතා ව අපි සාමාන්‍ය ජනතාව විදිහට ගමුකෝ. එතකොට චූටි මල්ලියා තමයි රටේ අනාගතය... පුතා ට දැන් තේරුනා ද දේශපාලනය කියන්නේ මොකක් ද කියලා?" පුංචි එකත් ඉතින් තේරුණා වගේ බොරුවට ඔලුව වැනුවා. තාත්ත ට දැන් ෆුල් හැපී. හරියට නිකන් තමුන් ව චේ ගුවේරා වගේ තමයි පෙනුනේ.

ඔන්න ඉතින් කොහොම කොහොම හරි රෑ වෙලා කස්ටිය ඔක්කොම නින්දට වැටුනා.මේ පුංචි එකා ඇඳට වෙලා තාත්තා පොඩ්ඩකට ඉස්සෙල්ල කියපු එක ගැන හිත හිත ඉන්නවා. එක පාරටම එහා කාමරේ චූටි මල්ලියා කෑ ගහන සද්දයක් අවා. පුංචි ළමයා ඇඳෙන් බැහැල දුවගෙන ගියා මල්ලි ට මොකද වෙලා තියෙන්නේ බලන්න. හෆ්ෆා, මල්ලියා ඇඳේ කක්කා දාලා නේ. පුංචි එකා අම්මා ගේ කාමරේ ට දුවගෙන ගියා. අම්මා මර නින්දේ. ඇහැරෙන පාටක් නෑ. උදේ ඉඳන් මහන්සි වෙච්ච අම්මට කරදර කරන්න හොඳ නැති නිසා, මේ ළමයා දුවගෙන ගියා ආයා ගේ කාමරේ ට. දොර ට අගුළු දාල. ඇතුලෙන් හිමිහිට කොඳුරන සද්දයක් ඇහෙන නිසා පුටුවක් තියලා දොර හිලෙන් බලද්දී තාත්තා අයා ගේ ඇඟ උඩ නැගගෙන බරටම වැඩ. (මේ පුංචි කොල්ලට ඕව තේරෙන්නේ නැහැ නේ) පුංචා හොඳට බැලුව මෙයාලා මොනවද කරන්නේ කියලා. අයා ගේ ඇස් උද ගිහින්, මුහුණ රතු වෙලා, "අනේ බුදු මහත්තයෝ, මට තව ඉවසන්න බෑ" කියල කෑගහනවා. අන්තිමට වැඩේ ඉවර වෙලා තාත්තා ආයා ට කියනවා ලු, "හෙට ආවොත් මම මීට වැඩ සැප දෙන්නම්" කියලා. මේ ඔක්කොම බලන් හිටපු මේ පුංචි ළමයා ආයෙත් ඇඳට යනවා ලු දොයි මත හින්දා.


ඊලඟ දවසේ උදේ තාත්තා වැඩට යන්න ලැස්ති වෙලා අම්මා කෑම එක ඔතල දෙනකන් බලන් ඉද්දි, පුංචි පුතා දුවගෙන ඇවිල්ල තාත්තා ට කියනවා ලු, "තාත්තේ තාත්තේ, තාත්තා ඊයේ කියපු දේශපාලනය ගැන මට දැන් හොඳට තේරෙනවා" කියලා. ඉතින් මේ ළමය ව බොහොම ආදරෙන් උකුලට ගත්ත තාත්තා කිව්වා ලු, "ආ එහෙනම් පුතා කියන්න බලන්න අම්මා ටත් ඇහෙන්න දේශපාලනය කියන්නේ මොකක් ද කියලා..."

"තාත්තේ දේශපාලනය කියන්නේ, සාමාන්‍ය ජනතාව ගේ ඇස් දෙක ඉස්සරහා රටේ අනාගතය කක්කා ගොඩක් මැද තියලා ආණ්ඩුව මර නින්දේ ඉද්දි, ධනවාදය වැඩකරන ජනතාව බිම දාගෙන, "අනේ මහත්තයෝ මට තව ඉවසන්න බැහැ" කියද්දී, "හෙට ආවොත් මම මීට වඩා සැප දෙන්නම්... කියන එක නේද?"

පුංචි ළමයා අම්මා ඉස්සරහ මෙහෙම කියද්දී තාත්තා ට තරු විසි වුනා.


Tuesday, November 13, 2012

සල්ලාල ධනපතියා...


ඔන්න එකමත්තෙක කාලෙක සල්ලාල ධනපතියෙක් එයාගේ අම්මා එක්ක ජීවත් උනා. මේ අම්මා හුඟාක් මහළුයි. ඉතින් මේ අම්මා තමුන්ගේ පුතා ට කතා කරලා මෙහෙම කියනවා. "පුතේ මම ජීවත් වෙලා ඉන්නේ තව ටික කාලයයි. මම ආසයි මම මැරෙන්න කලින් උඹ ඔය සල්ලාල ජීවිතේ අත ඇරලා හොඳ ගෑනියෙක් බැඳලා සතුටින් ජීවත් වෙනවා දකින්න." මේක අහපු පුතා "හොඳයි අම්මේ, මම එහෙම කරන්නම්. මම හෙටම කෙනෙක් ව හොයාගෙන අම්මා ගේ ආසාව ඉෂ්ට කරන්නම්." , කියලා කිව්වා.



දැන් පුතා ට හරි ප්‍රශ්නයක් කොහොමද හොඳ ගෑනියෙක් හොයා ගන්නේ කියන එක. මොකද මෙච්චර කාලයක් පොර හිටියේ පොර වගේම සල්ලාල ගෑනු එක්ක. ඉතින් මූ ගිහින් පොර ගේ කසින් අක්කා කෙනෙක් ගෙන් අහනවා, "කොහොමද ඕයි හොඳ ගෑනියෙක් හොයා ගන්නේ" කියලා. මේ කසින් අක්කා මාකටින්, බිස්නස් ලෝ එහෙම කරපු කෙනෙක්. මේකී ගත් කටට ම කියපි, "උඹ පොඩි රිසච් එකක් කරපං උඹ හිටපු හොඳම කෙල්ලෝ තුන් දෙනා ගැන. උන්ගෙන් හොඳම එකී තෝරාගෙන බැඳපන්" කියලා.

ඉතින් මේ ධනපති ඩයල් එකත් කසින් අක්කා කිව්ව විදිහට පොරත් එක්ක හිටිය සුපිරිම කෙල්ලෝ තුන් දෙනාට කතා කරලා රුපියල් ලක්ෂ 10 බැගින් දීලා කියනවා, "ඔයාලා තුන් දෙනාගෙන් එක්කෙනෙක් ව මම බඳිනවා. ඔයා ලා කැමති දෙයක් මේකෙන් කරන්න. ඔයාලා අද දවස ඇතුලත මේකෙන් කරන දේවල් වලින් තමයි මම තීරණය කරන්නේ කාව ද මම බඳින්නේ." කියලා. කෙල්ලෝ තුන් දෙනාට මාර හැපී ලු ඉතින්. ඇයි ඉතින් බැඳ ගත්තා නම් ගොඩ නේ.

පලවෙනි කෙල්ල ටිකක් ස්ටයිලිෂ් එකක් ලු. ඉතින් පලවෙනි කෙල්ල සල්ලි ටික වියදම් කරලා ඇඳුම් පැළඳුම්, මේකප් බඩු කෑලි, එව්වා මෙව්වා අරගෙන සැලෝන් එකට ගිහින් කොන්ඩේ කපලා, ස්‌පා එකකට ගිහින් බොඩි ස්කෘබ් එහෙම කරලා, පට්ට ජිම් එකකින් මෙම්බර්ෂිප් එකක් එහෙම අරගෙන ඇවිත් පොරට කියනවා ලු, "බලන්න ඔයාව සතුටින් තියන්න, ඔයා යන තැන් වල ට ගැලපෙන විදිහට යන්න මම ලස්සන වෙලා ආවා." කියලා. ඉතින් පොරට හරි හැපී ලු මේ කෙල්ල බැඳගත්තා නම් ෆුල් හැපනින් කියලා.

ඒ අතරතුරේ දෙවෙනි කෙල්ල ටිකක් කපටි ලු. ඒකි බැලුව ලු මේ ලක්ෂ පහ වගේ ද මූව බැඳගත්තා නම් දත ගලවන්න පුළුවන් නේ ලොවෙත් නැති වෙන්න කියලා පොර ව ඉම්ප්රෙස් කරන්න ඒ සල්ලි ඔක්කොම වියදම් කරලා පොරට ඇඳුම්, කෑම බීම, පොර ගේ අම්මට ඇඳුම්, කෑම, බෙහෙත් ඔක්කොම අරගෙන ගිහින් පොර ට කියනවා ලු, "මම ආදරේ ඔයාගේ සල්ලි වලට නෙමෙයි. ඔයා ට. මට ඔයාගේ අම්මා වත් බලාගෙන ඔයත් එක්ක සතුටින් ඉන්න තමයි ඕනේ." කියලා. පොර මේක අහලා සෑහෙන ඉම්ප්රෙස් උනා ලු.

තුන්වෙනි කෙල්ල මාර බිස්නස් මයින්ඩඩ් කෙනෙක් ලු. එකී හිතුවලු, මූ මට දුන්න සල්ලි ඩබල් කරලා පෙන්නුවොත් මූ සතුටු වෙයි කියලා. ඉතින් මේකි සල්ලි ටික අරන් වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකට දුවගෙන ගිහිල්ලා ස්ටොක් බ්‍රෝකර් කෙනෙක් අල්ලලා ෂෙයාර් එක නගී කියලා හිතිච්ච එකක ඉන්වෙස්ට් කලා ලු. හිතුවා වගේ ම දවසේ අන්තිමේ ෂෙයාර් වැලියු එක දෙගුනේටත් වඩා වැඩි ගානකට විකුනගත්ත කෙල්ල දුවගෙන ගිහින් පොර දුන්න ලක්ෂ 10 අතට දීලා අනිත් සල්ලි ඔක්කොම ජොයින්ට් එකවුන්ට් එකකට දාලා කිව්වලු, "ඔයා මාව බැන්දොත් ඔයාගේ මේ වත්කම් ඔක්කොම ඩබල් කරගන්න පුළුවන් කියලා." පොරට හුස්ම හිරවෙන්න වගේ ආවලු කෙල්ල ගේ බිස්නස් මයින්ඩ් එක දැකලා.

කොහොම හරි බඳින කෙනා ගැන මුළු රෑ ම නිදි මරාගෙන කල්පනා කරපු පොර ඊළඟ දවසේ පලවෙනි කෙල්ල ව කසාද බැන්දා ලු. ඉතින් දැන් අර කසින් අක්කට මේක හරි ප්‍රෙහෙලිකාවක් ලු. ගෑනි එයාගේ හස්බන්ඩා ට කිව්වා ලු පොර ගෙන් අහන් එන්න කියලා ඇයි අර සල්ලි ඔක්කොම වියදම් කරපු කෙල්ලව කසාද බැන්දේ කියලා. පොර හස්බන්ඩා ට දීපු උත්තරේ ඇහුව කසින් අක්කා ඔලුවේ ඇත ගහ ගත්තා ලු.




හස්බන්ඩා - "ඇයි බන් උඹ අනිත් කෙල්ලෝ අතරින් මෙයාව ම තෝර ගත්තේ?"
පොර - "අනිත් දෙන්නටම වඩා මෙයාගේ කුක්කු දෙක ලොකුයි මචන්!"