අපි ඉඳගත්තයි කියල මොකෝ කෙල්ලෙක් හැරිලා බලන එකක් යැ. උන් දෙන්නා ඩබලගේ පාඩුවේ කතාවක්. එක කෙල්ලෙක් හෙඩ්සෙට් එකක් එහෙම වයරින් කොරගෙන, අනිත් එක්කෙනා කියන ඒවා අහගෙන ඉන්නවා. (සින්දුයි, අනිකා කියන එව්වයි, දෙකම කොහොම අහන් හිටියාද කියලා නම් මගෙන් අහන්න එපා ඕං...) කතා කරන කෙල්ලත් හරි අපූරුවට සිංහළ භාෂාවෙන් කතා කරනවා. අනිකත් පොඩි "සිංහළ බේ" ඇක්සන්ට් භාෂාවකින් උත්තර දෙනවා. (මේක අපේ නෝනා පොඩ්ඩට කිව්වම කියපි, "ඔයා මොකටද එයාලා කතා කරන එව්වා අහන්න ගියේ..." කියලා. හත් දෙයියනේ, අහන් හිටියා නෙමෙයි... ඇහුනා!)
කොහොම කොහොම හරි ඔහොම ටික වෙලාවක් යද්දි මෙතනින් මාරුවට ඇඟ පත තියෙන "ජිම් කානා" ටයිප් එකේ සුද්දා අයියා කෙනෙකුයි, එයාගේ ඇහැට කනට පෙනෙන සුද්දා නංගි කෙනෙකුයි අපේ බංකු දෙක අතරට ඇවිත් දියවන්නාව දිහා බල බල ෆුල් පොෂ් කඩ්ඩෙන් කතා කරන්න ගත්තා. කොල්ලෝ වන අපේ මොළ පොඩ්ඩ වයරින් වෙලා තියෙන්නේ ඉතින් ඇහැට කනට පෙනෙන ළඳක් දැක්කම ඒ පැත්ත ට ඇන්ටෙනා ගෙන් එක වැඩි වෙන්න නේ. (මේවා අපේ නෝනා පොඩ්ඩ දන්න නිසා ප්‍රසිද්ධියේ කිව්වට අවුලක් නැහැ :පී) ටික වෙලාවක් යද්දී අන්ටෙනාවට අහු වුනා මේ ඩබල අයියයි නංගියි කියලා. ඇස් කොනෙන් මට පේනවා අර කලින් ම කිව්ව කෙල්ලෝ ජෝඩුවත් ඒ පැත්තට බැල්ම දාගෙන ඉන්නවා. ඔන්න පේනවා නේ ඇහැට කනට පේන්න ඉද්දි තමයි ලෝකේ ම ඇටෙන්ෂන් එක ලැබෙන්නේ. ;) හෙහේ
මෙන්න බොලේ එක පාරටම අර හොඳට සිංහළ කතා කර කර හිටපු කෙල්ලෝ ජෝඩුව, කඩුවක් අතට අරගෙන මහා හයියෙන් වටේටම කොටපි. ඇක්සන්ට් එක ඔරිමජිනල් සින්glish... කොල්ලෝ ගැන, කොන්ඩේ පාට කරන හැටි ගැන, එක්කෙනෙක් ගේ වාසනාවන්ත කොලුපැටියා එයා කොටට අඳිනවට අකමැති ලු... ආදී විවිද මාතෘකා හරිහරියට මහා හයියෙන් සිංග්‍රීසියෙන් දොඩවනවා. ඒ දෙන්නා කතා කරපු ඉංග්‍රීසි වල ව්‍යාකරණ එහෙම සෑහෙන්න නිවැරදි ලු. සුද්දා සාමාන්යෙන් අනුන් ගේ කතා අහන් ඉන්න කෙනෙක් නෙමෙයි නේ. (මේ මම, අපි වගේ... ලොල්ස්) උන් දෙන්නා ට අර කෙල්ලෝ දෙන්නා මහා හයියෙන් කෑගගහා "අපිත් සිංglish හොඳහැටි දන්නවා" කියලා පෙන්නන්න හදපු සීන් එක එච්චර මීටර් උනේ නැහැ මයේ හිතේ... (එක්කෝ මීටර් උනාට ගණන් නැත්තේ නැහැ) ;) ටික වෙලාවක් කතා කරකර හිටපු සුදු අයියා නගෝ ජෝඩුව මාත් එක්ක පොඩි හිනාවක් දාලා එතනින් 3ඩි චිත්‍ර ඇඳලා තියෙන පැත්තට යන්න ගියා.
මේ සිද්ධිය මුල ඉඳන් දැකපු අහපු මට එවෙලේ හිතුනේ ම ඇයි අපි අපේම භාෂාවක් තියාගෙන, අපේම අය එක්ක අන්තර්ජාතික භාෂාවකින් කතා කරන්නේ කියලා? කතා කරද්දී උනත් ඒ භාෂාව හොඳටම දන්න අය ඉස්සරහා මුළු රටම නෝන්ඩි නොකර, තමුන් දන්න වෙනත් භාෂාවකින් කතා කරනවා නම් විලි උනත් බේරෙනවා නේද කියලත් මට හිතුන. එදා ඉඳන් මම හිතාගත්තා අවශ්‍ය තැනදී හැර පුළුවන් හැම වෙලාවකදීම මගේ මවු භාෂාවෙන් කතා කරන්න.
ඒක සමහරුන් ට ලජ්ජාවට කාරණයක් උනත්, මට මහත් අභිමානයක්...