Wednesday, May 01, 2013

සුභ ම සුභ මෝඩයන් ගේ දිනයක්!

අද හවසට කැම්බල් පාක්, සිරිකොත, බී.ආර්.සී පැත්තේ කල එළි බහින්න ලක ලෑස්ති වෙලා ඉන්න සකල ශ්‍රී ලංකා වාසී මහජනතාව ට ම සුභ ම සුභ සුභ ම සුභ මෝඩයන් ගේ දිනයක් කියලා මුලින් ම ඔන්න හදවතින් ම ප්‍රාර්ථනා කරනවා!

ඔබතුමන් ලා, තුමියන් ලා වැනි දේශප්‍රේමී, දේශමාමක, අධිරාජ්‍ය විරෝධී  බලවේග ඉන්න තාක් කල් ශ්‍රී ලංකාව ට බඩුම තමයි.

may rally
මොන බම්බුවකට ද අපිට Ass-චර්යය පෙන්න පෙන්න, ගුද වාතයටත්  බදු පටව පටව, ඉපදෙන්න ඉන්න එකා එකී ලවත් ණය කරව කරව දවස් 364 ම ආතල් එකේ ඉඳලා අද විතරක් ජනතාව ගේ දාඩිය සුවඳ බලන්න මොන්ටෙරෝ එකෙන්, චොපර් එකෙන් එන එවුන් ගේ කතා වලට අප්පුඩි ගහන්න, විසිල් ගහන්න, චියර් කරන්න මේ පට්ට අව්වේ වෙලෙන්නේ???

අද උඩ පැන පැන චියර් එක දෙනවා, අපේ යුග පුරුෂයා ට ජය වේවා! කියලා. හෙට අනිද්දා ලයිට් බිල ආවම උගේ අම්මගේ අප්පගේ ඉඳන් හත් මුතු පරම්පරාවට ම ක්‍ෂය රෝගේ හැදෙනකන් බනිනවා.

ඇයි බොල ඔලමොට්ටල වරුනේ, නිකන් නිවාඩුවක් ලැබෙන එකේ තමුන් ගේ නෝනා, දරු මල්ලෝ එක්ක ගෙදර ට වෙලා ආතල් එකේ හිටපල්ලා කෝ ලේ කෝප කරගන්නේ නැතුව...


20 comments:

  1. //ඇයි බොල ඔලමොට්ටල වරුනේ, නිකන් නිවාඩුවක් ලැබෙන එකේ තමුන් ගේ නෝනා, දරු මල්ලෝ එක්ක ගෙදර ට වෙලා ආතල් එකේ හිටපල්ලා කෝ ලේ කෝප කරගන්නේ නැතුව...// අද me නිමාඩු දවසේ ,,, අපි වගේ :D

    ReplyDelete
    Replies
    1. අනිවා මචන්! :) මේ අපි වගේ... මේ පැත්තේ ආවට ස්තුතියි!

      Delete
  2. අරක්කු ඩිංගක් බීල සැට් එකත් එක්ක ෆී ටිප් එකක් කෑමත් එක්ක යන්න ලැබෙනවා කියන්නෙ ලෙල්සි දෙයක් නෙමෙයි..අ
    අනික දෙමව්පියෝ මේවයි පයින් යන්සෙ මන්තිරි සාදු ලව්වා කොල්ලට කෙල්ලට රැකියාවක් ගන්න වත් හැකිද කියාලල බලන්න.

    ReplyDelete
    Replies
    1. //අරක්කු ඩිංගක් බීල සැට් එකත් එක්ක ෆී ටිප් එකක් කෑමත් එක්ක යන්න ලැබෙනවා කියන්නෙ ලෙල්සි දෙයක් නෙමෙයි..// ඒක ඇත්ත අමිල... අපේ රටේ මැයි දින සංස්කෘතිය හරිම අමුතුයි කියලා ඔයාට හිතෙන්නේ නැද්ද?

      Delete
  3. සංකේතාත්මක සැමරුමක් වෙච්ච මැයි දිනය අපේ රටේ තරම් මෝල් විදිහට කොහේවත් සමරන්නේ නැතුව ඇති . ලංකාවේ වැඩකරන ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් රජයේ සේවකයින් , ඔවුන්ම තමයි වෘත්තිය සංගම් වල කටයුතුත් වලත් ඉදිරියෙන් ඉන්නේ .වැඩ කරන ජනතාවට පාලකටින්ගෙන් අසාධාරණයක් වෙන්න තියනවා වෙන්නේ පාලක පක්ෂයෙන් සහ විපක්ෂයෙන් . හැබැයි මැයි දිනේ පෙලපාලි යන්නේ මේ පක්ෂ දෙකත් එක්කම තමා . එතකොට ඉතින් ම්ඤ්ඤං

    ReplyDelete
    Replies
    1. හරියටම හරි බුවා... වෙන රට වල මැයි දිනය කියන්නේ වැඩ කරන ජනතාව තමුන්ගේ එකමුතුව, ශක්තිය පෙන්වන දිනයක්. අපේ රටේ වෙන්නේ එදා ට දේශපාළුවෝ තමුන්ගේ පක්ෂය මාර්කට් කරලා 365 වෙනි දවසෙත් කට්ට අව්වේ පෝලිම් ගස්සලා ජනතාව ගොනාට අන්දන එක. :පී

      Delete
  4. Replies
    1. හෙහේ... අන්න මරු චියර්-පාඨයක්! :ඩි

      Delete
  5. උඹ නම් කියයි, එතකොට මහරජාගේ දෑත් ශක්තිමත් කරන්නේ කවුද? කෘර පාලකයා ගෙදර අරින්නේ කවුද? (අර උඩින් කිව්වා වගේ නිකන් හම්බෙන කෑම එකයි, ඇරෙව්වා එකටයි මොකද වෙන්නේ)

    ReplyDelete
    Replies
    1. ලොලේ ලොල්! මරා ගේ දෑත් ශක්තිමත් කරන්න ඉන්නේ වටේ ට අයියලා මල්ලිලා පුතාලා දුවලා ටිකක්... ;) කොහෙවත් යන අපි මොකට ද? :පී

      Delete
  6. වර්තමාන සංවර්ධන ක්‍රියාවලීය දරා ගන්න බැරි කමට
    නේද මේ වගේ රජය අපහසුතාවයට පත් කරන දේවල්
    කරන්නේ ...? :P

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් හ්ම්ම්ම්...
      මරා: Assචර්යය දකින්න බැරි කුහක මිනිස්සු! කොච්චර හොඳ කරත් ඔච්චර තමයි... :පී

      Delete
    2. ප.ලි:
      මරා: හිටපල්ලා කෝ හෙට ඉඳන් බඩු මිලත් වැඩි කරන්න!

      Delete
  7. ගෙදර හිටියට නිකං අරක්කු හම්බ වෙන්නේ නෑනේ. සමහර වැදගත් මහත්හොරු අපිට සල්ලිත් දෙනවා....

    ReplyDelete
    Replies
    1. ඇයි බත් පැකට්? නොමිලේ ටීෂර්ට්, කැප්?? අලුත්අවුරුද්දේ බැංකුව ට සල්ලි දාන්න ගියා වගේ... ;)

      Delete
  8. මෙය මෝඩයන්ගේ දිනයක් බවට පත් කරගෙන ඇත්තේ කම්කරුවන්ගේම වරදිනි තමන් වෙනුවෙන් පෙනී සිටිනවුන් තමන්ගේම සතුරන් ලෙස සලකන මිනිසුන්ට අදවත් බුද්ධිය පහල වේවා

    http://andhabinduwa.blogspot.com/2013/05/blog-post.html

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත... ඔය අපි වෙනුවෙන් පෙනී සිටිනවා කියපු උදවිය කවුද ඇත්තට ම? ;)

      Delete
  9. සිරා කතාව බන්.මුන් නිවාඩු දවසේවත් ගෙදර ඉන්නේ නැහැ අපිට පාරේ ගමනක් බිමනක් යන්න නැහැ!

    ReplyDelete
    Replies
    1. එකනේ මඩිස් අයියේ... පාරවල් වහගෙන නේ මුන් පිස්සු කෙලින්නේ...

      Delete

ලිපිය ගැන ඔබේ අදහස් කියන්න.