Friday, December 28, 2012

දැක පොෂ් වීම...

මේක මට මේ ලඟදි දවසක සෙට් වෙච්ච පොඩි අත්දැකීමක්. හැමෝම දන්නවා ඇති නේ දියවන්නාව ගාව වෝටර්ස් එජ් එක. ඒක දැන් පට්ට ලස්සනට හදලා නේ මාමා. ඕකේ ඉතින් අපේ උදවිය මේ දවස් වල හරි හරියට ඔතනට සෙට් වෙනවා එක්සයිස් කරන්න, එක්සයිස් කරන ඒවා බලන්න, ලව් කරන්න, ලව් කරන ඒවා බලන්න, ඊටිසි. ඔන්න ඉතින් අපේ වෙන්න-හාමිනේ පොඩ්ඩ මේ දවස් වල මම මහත් වේගෙන එනවා කියල බරබරේ දාන හින්ද මමත් ගියා මෙතනට පොඩි එක්සයිස් පාරක් දාලා, දන්නේ නැද්ද... 6-in-one-pack එක 6-pack කරගන්න පොඩි ට්‍රයි එකක් දෙන්න. මීටර් 300 ක් 400 ක් ජෝගින් පාර දාද්දි ඔන්න ඉහෙන් කනින් දාඩිය දාන්න ගත්තා. දන්නේ නැද්ද ඉතින් ඉර බැහැගෙන යන වෙලාව උනත් පට්ට රස්නෙයි නේ. වටපිට බලලා ඇහැට කනට පේන කෙල්ලෝ දෙන්නෙක් ඉඳන් ඉන්න තැනකට පොඩ්ඩක් එහායින් සෙටල්මන්ට් උනා.

අපි ඉඳගත්තයි කියල මොකෝ කෙල්ලෙක් හැරිලා බලන එකක් යැ. උන් දෙන්නා ඩබලගේ පාඩුවේ කතාවක්. එක කෙල්ලෙක් හෙඩ්සෙට් එකක් එහෙම වයරින් කොරගෙන, අනිත් එක්කෙනා කියන ඒවා අහගෙන ඉන්නවා. (සින්දුයි, අනිකා කියන එව්වයි, දෙකම කොහොම අහන් හිටියාද කියලා නම් මගෙන් අහන්න එපා ඕං...) කතා කරන කෙල්ලත් හරි අපූරුවට සිංහළ භාෂාවෙන් කතා කරනවා. අනිකත් පොඩි "සිංහළ බේ" ඇක්සන්ට් භාෂාවකින් උත්තර දෙනවා. (මේක අපේ නෝනා පොඩ්ඩට කිව්වම කියපි, "ඔයා මොකටද එයාලා කතා කරන එව්වා අහන්න ගියේ..." කියලා. හත් දෙයියනේ, අහන් හිටියා නෙමෙයි... ඇහුනා!)

කොහොම කොහොම හරි ඔහොම ටික වෙලාවක් යද්දි මෙතනින් මාරුවට ඇඟ පත තියෙන "ජිම් කානා" ටයිප් එකේ සුද්දා අයියා කෙනෙකුයි, එයාගේ ඇහැට කනට පෙනෙන සුද්දා නංගි කෙනෙකුයි අපේ බංකු දෙක අතරට ඇවිත් දියවන්නාව දිහා බල බල ෆුල් පොෂ් කඩ්ඩෙන් කතා කරන්න ගත්තා. කොල්ලෝ වන අපේ මොළ පොඩ්ඩ වයරින් වෙලා තියෙන්නේ ඉතින් ඇහැට කනට පෙනෙන ළඳක් දැක්කම ඒ පැත්ත ට ඇන්ටෙනා ගෙන් එක වැඩි වෙන්න නේ. (මේවා අපේ නෝනා පොඩ්ඩ දන්න නිසා ප්‍රසිද්ධියේ කිව්වට අවුලක් නැහැ :පී) ටික වෙලාවක් යද්දී අන්ටෙනාවට අහු වුනා මේ ඩබල අයියයි නංගියි කියලා. ඇස් කොනෙන් මට පේනවා අර කලින් ම කිව්ව කෙල්ලෝ ජෝඩුවත් ඒ පැත්තට බැල්ම දාගෙන ඉන්නවා. ඔන්න පේනවා නේ ඇහැට කනට පේන්න ඉද්දි තමයි ලෝකේ ම ඇටෙන්ෂන් එක ලැබෙන්නේ. ;) හෙහේ 

මෙන්න බොලේ එක පාරටම අර හොඳට සිංහළ කතා කර කර හිටපු කෙල්ලෝ ජෝඩුව, කඩුවක් අතට අරගෙන මහා හයියෙන් වටේටම කොටපි. ඇක්සන්ට් එක ඔරිමජිනල් සින්glish... කොල්ලෝ ගැන, කොන්ඩේ පාට කරන හැටි ගැන, එක්කෙනෙක් ගේ වාසනාවන්ත කොලුපැටියා එයා කොටට අඳිනවට අකමැති ලු... ආදී විවිද මාතෘකා හරිහරියට මහා හයියෙන් සිංග්‍රීසියෙන් දොඩවනවා. ඒ දෙන්නා කතා කරපු ඉංග්‍රීසි වල ව්‍යාකරණ එහෙම සෑහෙන්න නිවැරදි ලු. සුද්දා සාමාන්‍යෙන් අනුන් ගේ කතා අහන් ඉන්න කෙනෙක් නෙමෙයි නේ. (මේ මම, අපි වගේ... ලොල්ස්) උන් දෙන්නා ට  අර කෙල්ලෝ දෙන්නා මහා හයියෙන් කෑගගහා "අපිත් සිංglish හොඳහැටි දන්නවා" කියලා පෙන්නන්න හදපු සීන් එක එච්චර මීටර් උනේ නැහැ මයේ හිතේ... (එක්කෝ මීටර් උනාට ගණන් නැත්තේ නැහැ) ;) ටික වෙලාවක් කතා කරකර හිටපු සුදු අයියා නගෝ ජෝඩුව මාත් එක්ක පොඩි හිනාවක් දාලා එතනින් 3ඩි චිත්‍ර ඇඳලා තියෙන පැත්තට යන්න ගියා.

මේ සිද්ධිය මුල ඉඳන් දැකපු අහපු මට එවෙලේ හිතුනේ ම ඇයි අපි අපේම භාෂාවක් තියාගෙන, අපේම අය එක්ක අන්තර්ජාතික භාෂාවකින් කතා කරන්නේ කියලා? කතා කරද්දී උනත්  ඒ භාෂාව හොඳටම දන්න අය ඉස්සරහා මුළු රටම නෝන්ඩි නොකර, තමුන් දන්න වෙනත් භාෂාවකින් කතා කරනවා නම් විලි උනත් බේරෙනවා නේද කියලත් මට හිතුන. එදා ඉඳන් මම හිතාගත්තා අවශ්‍ය තැනදී හැර පුළුවන් හැම වෙලාවකදීම මගේ මවු භාෂාවෙන් කතා කරන්න. 


ඒක සමහරුන් ට ලජ්ජාවට කාරණයක් උනත්, මට මහත් අභිමානයක්...

14 comments:

  1. ඕව කතා කරලා වැඩක් නැහැ බන්.ඔයාගේ බ්ලොග් එකේ ගොඩක්
    අමුතු මාතෘකා සහිත ලිපි දැක්කා .ආසාවෙන් කියෙව්වා මචන්..
    දිගටම ලියන්න ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මචන්... මම මේ පැත්තට ගොඩක් අලුත්. කට්ටිය ලියන ඒවා දැකලා ලියන්න ආසාවක් අවා. :)

      Delete
    2. බ්ලොග් එක දැනට තියෙන හැම සින්ඩි යකටම දාන්න.
      මම ඔයාගේ බ්ලොග් ලින්ක් එකක් මාතලන්ට දුන්න එයාගේ
      බ්ලොග් එකෙත් දාන්න...තව ලාංකීය සිතුවිලි සහ සිංහලය බ්ලොග්
      කියවනයට දාන්න...
      http://syndi.lankeeya.lk/
      http://blogs.sinhalabloggers.com/

      Delete
    3. මම දාන්නම්. බොහොම ස්තුතියි මචන් මං වගේ මේ පැත්ත ට අලුත් කෙනෙක් ට අතහිත දෙනවා ට, පාර කියනවා ට... :)

      Delete
  2. ආසාවෙන් කියෙව්වා .....ඔව ඔහොම තමයි බන්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අයියේ... ඔව් මේවා අනන්තවත් පාර තොටේ දකින්න අහන්න ලැබෙනවා. මට ම ලැබුන අත්දැකීමක් නිසා ලියන්න හිතුනා. :)

      Delete
  3. හපොයි මාත් දැකලා තියෙන්වා මචං ඔහොම සීන්. මේක තමයි 56 විප්ල්වය කරලා අපේ අය අපට පෙන්නපු විජ්ජාවේ තරම. ඇයි ඉංග්‍රීසිය ගව්ගානක් ඈත් කරානේ සිංහල භාෂාවට තියෙන ආදරේට. අන්තිමට ගමේ ගොඩේ අහිංසක දුප්පත් මිනිස්සුන්ට ඉංග්‍රීසි කියන්නේ මැජික් එකක් වුණා ..රට අතුළේ ඉංග්‍රීසි භාශාවට නොලැබිය යුතු තත්වයක් ලැබුණා.

    ReplyDelete
    Replies
    1. එක නම් සහතික ඇත්ත මචන්. අද ගොඩක් අය හිතන්නේ ඉංග්‍රීසි කියන්නේ තමුන්ගේ තත්වය පෙන්වන ආභරණයක් කියලා නේ. අපේ අයියා කෙනෙක් ඉන්දියාව ට ගිහින් ඇවිත් මට කිව්වා එහෙ සමහරක් ප්‍රාන්ත වල උදවියට හින්දි වලට වඩා ඉංග්‍රීසි කතා කරන්න යි පුළුවන් කියලා. ළඟදීම මෙහෙත් සමහර පැති වල ඔහොම වෙන්න ගනී වගේ... ;)

      Delete
  4. අනේ පව්! මේ පැත්තට අදයි ආවෙ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අයියේ... සාදරයෙන් පිළිගන්නවා... හැමදාම ඇවිල්ලා යන්න එන්න! :)

      Delete
  5. ගොන්කම බං. අහංකාරයෙන් ඉදිමිල ඉන්න සමහරුන්ට තමන් කරන්නෙ දෙකයි පනහෙ ෂෝ එකක්ය කියල වැටහෙන්නෙ නෑ, අනුකම්පාකරනව ඇරෙන්න වෙන මොනව කරන්නද. අනෙක අර එෆ් එම් චැනල්වල ගිරව් වගේ භාෂාව අනල කතාකරන එක. මම දැකල තියෙන, අහල තියෙන ලංකාවෙ හිටපු විශිෂ්ඨ ද්විභාෂා උගත්තු සිංහලෙන් කතාකරන වෙලාවට නිවැරදිව සිංහලය පමණක් භාවිතා කරනව, ඉංග්‍රීසියෙන් කතාකරන විට නිවැරදිව ලස්සනට ඉංග්‍රීසි පමණක් භාවිතකරනව. නියම උගත් මනුෂ්‍යයෙක් කවදාවත් භාෂාවක් ආභරණයක් කරගන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. හරියට ම හරි ඩිඩිටි අයියේ... මේ දේවල් වලට මාධ්‍යය කෙලින් ම වග කියන්න ඕන.

      Delete
  6. අනිවා මචෝ අපි මොකටද සුද්දන්ට නැමෙන්නේ.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත මඩි අයියේ...

      Delete

ලිපිය ගැන ඔබේ අදහස් කියන්න.