Friday, March 01, 2013

පාළු වෙලා මගේ ලෝකේ...

Waiting for a text messageවෙනදට විනාඩි පහෙන් පහට වදින
බීප්-බීප්, බීප්-බීප් SMS හඬ...
දවස් තුන හතරක ඉඳන්
පැයකට එකක් ගානට අඩුවෙලා!

ගෙදර ආවා...

ඉන්ටනෙට් වැඩ නැහැ...
තැන්කියු!

මොකුත් නැහැ. FB පැත්තේ ආවා.



කමු ද?

ඔයා කෑව ද?



මොකුත් නැහැ. නිකන් ඉන්නවා.



ඇඟ හෝදලා එන්නම්.


ඇඳට ආවා. නිදියගමු ද?
ගුඩ්නයිට් :*

පසුවදන
ජීවත් වෙන්න ආදරය කොයිතරම් නම් ඕනැද... තමුන් ට අයිති අවධානය ටික කාලෙකට හරි වෙන අය විසින්  හොරාගත්තම තමුන් ට දැනෙන්නේ කොහොමද? මට දැනුනේ මෙහෙමයි...

8 comments:

  1. ඉතිං දෙයියනේ ගෙදර ගෙනත් නවත්තගනිංකෝ. ආයෙ කෑව එකයි, බිව්ව එකයි, නාපු එකයි විස්තර වාර්තාව සපයනවට වැඩිය ලයිව් පෙන්නන්න බැරිය ගෙදර ගෙනත්. :)

    ෆෝන් එකට SMS එන එක මට නම් මහ වදයක් බං. SMS කියවන එකයි ඒව යවන එකයි මහ වාත වැඩක්, කෝල් එකක් දීල කියල දාන එක කොච්චර ලේසිද. ඒත් ඉතිං ලව් කරද්දි ඒව හරියන්නෑනේ, කොච්චරවත් කොටන එක තමයි වැඩේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... මම හිතන් ඉන්නේ තව අවුරුදු 3,4කින් මගේම ගෙදරක නවත්තගන්න, DDT අයියේ. එතකන් ඉතින් දුක සේ සෝකෝ! ;) හෙහේ

      Delete
  2. පව් කියලා හිතුනා.. මේ හොයන්නෙ ආදරය නෙමෙයි මයෙ හිතේ....

    ReplyDelete
    Replies
    1. "ආදරය වැඩි උනාමත් කරදරයි ලු" මාතලන් අයියේ...

      Delete
  3. අපොයි ... ඔය කියන පාලුව නම් එපා වෙනවා තමයි ... SMS එකක් ආවම ෆෝන් එක කෑගහන බව දැන දැනත් විනාඩියෙන් විනාඩියට ෆෝන් ස්ක්‍රීන් එක දිහා බල බල හූල්ලන එක එපාම එපා වෙන වැඩක් .. :'(
    ඉක්මනටම ජීවිතේ පාලු මැකෙන්න කියලා ප්‍රර්ථනා කොරනවා ඕන් :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි Lucky Rose...

      \\SMS එකක් ආවම ෆෝන් එක කෑගහන බව දැන දැනත් විනාඩියෙන් විනාඩියට ෆෝන් ස්ක්‍රීන් එක දිහා බල බල හූල්ලන එක එපාම එපා වෙන වැඩක් .. :'(// මගේ හිත කියවලා ලියලා වගේ. :) +++++

      Delete
  4. ඔය දෙකම මට වෙලා තියෙනවා..

    දරන්න බැරි තරම් ව්‍යාජ ලෙන්ගතු කමයි ..
    දරන්න බැරි තරම් ප්‍රෝඩාකාරී වෙන් වීමයි..

    මන් හැමදාමත් ජනක ඔයාගේ ක්‍රමේට කැමතියි...
    දිගටම ලියන්න..මොන ලෝකේ හිටියත් හොයන්
    ඇවිත් කියවනව ...

    ReplyDelete

ලිපිය ගැන ඔබේ අදහස් කියන්න.