Monday, February 11, 2013

ගෙදරින් කෑම හා කඩෙන් කෑම! - ඒකා'ස් සතුටින් දිවිය ට මග - #02




ගෙදරින් ඇතිතරම් රහට කන්න ලැබෙනවා නම්...
පිටින් කන්නේ මොකට ද?

අද කාලේ පත්තරයක් බැලුවත්, ගොසිප් වෙබ් පේජ් එකක් බැලුවොත් අනියම් කේස් එකක් තියෙනවා ම තමයි. ඒ වගේම බඩු පොට් රේඩ් කරපු සීනුත් ඕන තරම්.



ඇයි මේ තරම් මිනිස්සු වෙන ගෑනුවයි, ගෑනු වෙන මිනිස්සුන්වයි හොයන් යන්නේ? පිළිතුර හරි ම සරලයි.

තමුන් ගේ අවශ්‍යතාවයන් තමා ගේ සහකරුවා හෝ සහකාරියගෙන් නොලැබෙන කොට වෙන කෙනෙක් ලඟින් ඒ දේවල් ලබාගන්න යෑම සාමාන්‍යයි... ඒක මුල්‍යමය අවශ්‍යතාව ක් වෙන්න පුළුවන්, ලිංගික අවශ්‍යතාව ක්, නැත්තම් වෙනත් අවශ්‍යතාව ක් වෙන්නත් පුළුවන්. සමහර විට තමුන් ට ඇහුම්කන් දෙන කෙනෙක් ගේ අවශ්‍යතාව වෙන්නත් පුළුවන්.

තමන් ගේ සහකරුවා/සහකාරිය ගේ අවශ්‍යතා ගැන හොයලා බලන්න. එයාව හැම වෙලාවකම සතුටින් තියන්න බලන්න. හැම වෙලාවේම එයත් එක්ක සුහදව කතා කරන්න. ඇහුම්කන් දෙන්න. එයාව ඔයාගේ ජීවිතේ වැදගත් ම අංගය කරගන්න. ඒ බව එයට තේරුම් යන විදිහට වැඩ කරන්න.

 එතකොට එයාට ඔයාව තරම් වෙනකෙනෙක් ව ඕනේ වෙන්නේ නැති වෙයි.

21 comments:

  1. ඒක විශාල සමාජ සේවයක්නේ... කවුද ආස නැත්තේ හොඳ හෝටල් වලින් කන්න... කන්න බැරි කමට ඉන්නවා මිසක්ක....

    ReplyDelete
    Replies
    1. කවුරුත් නැති උදවිය නම් අහල පහල ඉන්න ගැහැණු උදවියට, ළමිස්සියන් ට අතවර කරන්නේ නැතුව ඔය හෝටල් ගානේ ගිහින් බඩ පිරෙන්න කනවට මගේ නම් කිසි විරුද්ධත්වයක් නැහැ ඕං, මාතලන් අයියේ!

      Delete
  2. කථාව නම් ඇත්ත.. ඒත් සමහරුන්ට ගෙදර කොච්චර රස කෑම තිබ්බත් පිටින් කන්නම හිතෙනවා වෙනසකට .. හැමදාම තරු පහේ හෝටල් වලින් කන කෙනෙක්ට ඉඳ හිටල මයියොක්කයි ලුණු මිරිසුයි කන්න හිතෙනවා වගේ තමයි .. මනුස්සයා කියන්නේ නිමක් නැති කවදාවත් සංතෘප්ත වෙන්නේ නැති ආසවල් ගොඩක එකතුවක් ...

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත... සිතක් පහල වෙන්න යන්නේ කොතරම් සුළු කාලයක් ද? අපි කාට උනත් පිටින් කාලා බලන්න හිතෙනවා වෙලාවකට. එහෙම හිතෙන එක මිනිස් ස්වභාවය.

      කොහොම වුනත් හිතට ඕනේ විදිහට ඔහේ දුවන්න දුන්නොත් මරුවට හිටී, නේද? ;)

      Delete
  3. මනුස්සයා කියන්නෙත් සතෙක්. සදාචාරාත්මකයි කියලා කියා ගත්තට මනුස්සයාගෙත් සත්ව ගති ගුණ තියෙනවා. එක් සහකරුවෙක් හෝ සහකාරියක් සමඟ පමණක් ලිංගික ක්‍රියාවෙහි නිරත වීම කියන රාමුවට කොටු කරාට අනිත් සත්තු වගේම ඒ රාමුවෙන් බැහැරට යන්න හැම මනුස්සයම වගේ දඟලනවා. ඒකයි ඇත්ත.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්... ඇත්ත රන්දු!

      වැඩේ කියන්නේ ඒ රාමුවෙන් තමුන් එලියට පනින්න දඟලන ගමන් ම, තමුන්ගේ සහකාරයා/සහකාරිය ව ඒ රාමුව තුලම කොටු කරන්නත් දඟලනවා නේ...

      ඒ වැඩේ වැරදි නේද?

      Open relationship කියලා ඒ රාමුවෙන් පිට සමහරු ඉන්නවා නේ. හැබැයි තමුන් ගේ සහකාරී වෙන කෙනෙක් එක්ක යහන්ගත වෙනවා ට තමුන් අකමැති නම් ඒ වැඩේ තනියම කරන එක අසාධාරණයි නේ?

      Delete

  4. මන් නම් හිතන්නේ ඔය
    " ගෙදර කෑම රස නැති උනාම කව්ද පිටින් නොකන්නේ "
    වගේ කතා නිසාමයි මේ ප්‍රශ්නේ මෙච්චර සිල්ලර වෙලා තියෙන්නේ ඒකා ..

    පතිවත ( හා එකේ පුරුෂ ලිංග වචනේ ) කියන දේ කඩේක
    තියෙන කෑම එහෙකට සම කරන්න හොඳ නැහැ ...

    ( එහෙම බැලුවොත් මව උනත් සහකාරිය කරගන්න පුළුවන්නේ )

    ReplyDelete
    Replies
    1. ඇත්ත සහන්! මේවා කොච්චර සුලභ වෙලා ද කිව්වොත්, මේ වගේ කතාවක් ඇහුවම ඇඟට ගානක් නැතුව, "සිරාවට? චාටර් නේ?" කියලා කියන අය මම දැකලා තියෙනවා. ඔයා අහලා තියෙනවා ද ලස්සන ඇත්ත කතාවක්?

      අවුරුදු 75ක විවාහ ජීවිතයක් ගත කරපු ජෝඩුවක් ලඟදි ඇමරිකාවෙන් වාර්තා වුනා. පුදුමයි නේද? ඒ ආච්චි ගෙන් මාධ්‍යවේදිනියක් අහනවා, "What is your secret of this really successful marriage?" කියලා.
      ඒ ආච්චි හිනා වෙලා කියනවා ලු, "We grew up in a time, when something is broken we fix it up somehow. Not just throw it away!" කියලා. කොච්චර ආදර්ශමත් ද?

      මම හිතන්නේ මේවා වෙන්න ප්‍රධානම හේතුව මේ දේවල් ඉතා සුලභ වීම සහ මේ දේවල් මිනිස්සු ඉතා සුළු කොට තැකීම

      Delete
  5. අදහස් බලාපොරොත්තු තීරණ සංකීර්ණ වෙන්න වෙන්න මිනිසාගේ බැදීමි ඈතට යනවා..
    ඔන්න ඔතනදි තමයි ඔය කියන පිට හෝටල් කතාවට සමිබන්ධ වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔව් මචන්... ඒකයි අපි හැම වෙලාවේම තමුන්ගේ සහකාරයා/සහකාරිය ට ඇහුම්කන් දෙන්න ඕනේ. එතකොට ඕවා එච්චර සංකීර්ණ වෙන්නේ නැහැ මගේ හිතේ...

      ඔයා දන්නවා ද බහුතරයක් වෙන්වුනු අයගෙන්/පරදාර සේවනය කරන අයගෙන් ඇයි කියලා ඇහුවොත් මොකක් ද දෙන උත්තරය කියලා?

      "එයා මට ඇහුම්කන් දෙන්නේ නැහැ. අරයා එහෙම නෙමෙයි. එයා මට ආදරෙයි!"

      Delete
  6. මම නම් ඕවාට නැහැනේ

    ReplyDelete
    Replies
    1. එල කොල්ලෙක්! :D දාන්න පහක්!

      Delete
  7. අනේ අපි ඕවට නැහැ බං, අපිට ඉතිං පවුල් ප්‍රශ්න නෑනේ. හැමදාම හොඳම හෝටලෙන් තමා කන්නෙ, ගෙදරින් - මම කිව්වෙ කෑම බං.

    හැබැයි මම හිතන්නෙ ඔය මොනදේ තිබුනත් ‘තහනම් ගහේ ගෙඩි කන එක‘ නවතින එකක් නෑ. ස්වභාවයෙන්ම සම්මතයට පිටින් යෑමේ පෙළඹීමක් මිනිස්සු තුළ තියෙනව මම හිතන්නෙ. ඒත් වාසනාවට හෝ අවාසනාවට ඒ පෙළඹවීම ඔස්සෙ යන සම්භාවිතාවය අඩුයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ඩිඩිටි අයියේ... එක්කෙනෙක් කරන අසම්මත දේකින් අනිත් පාර්ශවයත් නිරපරාදේ දුක් විඳින එක තමයි එකම අවුල. පෙන්නේ නැද්ද අපේ නළු නිලියෝ ටික... දුකේ බැහැ!

      Delete
  8. නිදහසට කරුණකි ඒ.තම අවශ්‍යතාවය සපුරා දෙන්න නොහැකියාව නෙමෙයි.තියෙන කාම තණ්හාව,මොන අවශ්‍යතාවය උනත් පමණට වඩා ගන්න උවමනා උනාම තමයි අනියම් වෙන්නේ. ඔබ ලියු අන්තිම පේළී කිහිපය නම් ඇත්ත.

    තමන් ගේ සහකරුවා/සහකාරිය ගේ අවශ්‍යතා ගැන හොයලා බලන්න. එයාව හැම වෙලාවකම සතුටින් තියන්න බලන්න. හැම වෙලාවේම එයත් එක්ක සුහදව කතා කරන්න. ඇහුම්කන් දෙන්න. එයාව ඔයාගේ ජීවිතේ වැදගත් ම අංගය කරගන්න. ඒ බව එයට තේරුම් යන විදිහට වැඩ කරන්න.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. ඇත්ත ගයනි. සමහර උදවියට මොනම විදිහකින් වත් එකකට සීමා වෙන්න බැහැ ලු නේ. එහෙම අය open relationship concept එකට ම එහෙම ඉන්න කැමති තවත් අයව හොයාගෙන හිටියා නම් ඉවරයි මගේ හිතේ.

      හිත කියන එක පාලනය කරගන්න බැරි කෙනා තමුන්ටත්, සමාජයටත් අටවපු කාල-බෝම්බයක් වගේ!

      Delete
  9. කන්නෙ බඩ ගින්නට නෙවෙයි වැඩිපුරම.. අනිත් උන්ට පම්පෝරියට කියන්න " මචං මං අද අන්න අර ලොකු හෝටලෙනුත් කෑවා: කියල...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට!

      ඔව් යසිත්! ඒකත් බහුලව දකින්න තියෙන එකක්. සාරුවා සුනිල් ලා වගේ උදවිය ඕන තරම් ඉන්නවා. වෙන ඕනේ නැහැ, මගේ රැකියා ස්ථානයේම ඉන්නවා පොරක්. පොරගේ විනෝදාන්ශේ තමයි වටේ පිටේ ඉන්න අක්කලා, නංගිලව දැලේ දාගෙන කොහේ හරි අරන් ගිහින් ඊට පස්සේ එයාව දකින දකින තැන දී අනිත් කොල්ලන්ට පෙන්නලා "මේ ඉන්නෙත් මම *** එකක් තමයි" කියලා පම්පෝරි ගහන එක.

      පලගැටියා නම් දැල්ල ට ඇදෙන්නේ පිච්චෙන බව නොදැන ලු නේ. අවාසනාවන්තම කතාව තමයි, පොරගේ හැටී දැන දැනම කෙල්ලෝ පොරගේ දැලට අහු වෙන එක.

      Delete

ලිපිය ගැන ඔබේ අදහස් කියන්න.