Thursday, January 10, 2013

කෙටි වත ඇඳි කත ට...


කොටට ඇන්දම අක්කා හරිම ලස්සනයි.
ඟේ හැඩතල හොඳට පේනවා.
ඇස් දෙක ගවුම දිහාට,
ඊට පස්සේ එතනින් පහලට යන්නේ
හිතේ තියෙන වලත්ත කමට නෙමෙයි.
ඇස් දෙක උනත් අනිච්චානුගාව
සුන්දරත්වයට ඇදිලා යන හින්දා.

කොහොමත් මම ඔයාගේ රූපයට ගොඩක් ආසයි.
ඔයාගේ විතරක් නෙමෙයි. පොදුවේ කාන්තා රුපයට මම ගොඩක් කැමතියි.
අක්කා හිතයි දැන්,
"ඕවා එක සැරයක් ඇඳට පෙරලගන්නකන් විතරයි" කියලා.
අක්කා අහලා දැකලා විඳලා තියන දේවල් එක්ක එහෙම හිතන එක අසාධාරණ නැහැ. ඒත් අක්කේ මටත් අක්කා වගේම ලස්සන ගෑනු ළමයෙක් ඉන්නවා.
පොඩි කාලේ ඉඳන් ම මම ඉගෙනගෙන තියෙන්නේ තමුන් ට අයිති නැති දේවල් දැකලා බලලා සතුටු උනා ට අල්ලලා බලන්න,
හොරකම් කරන්න යන්න එපා කියලා.
වරදවා හිතන්න එපා. හිතුවත් අක්කා එක්ක මම තරහා නැහැ. 

ඕවා මේවා කතා කරලා දන්නෙම නැතුව බස් එකෙන් බහින තැනත්
ලං වෙලා.
හොරෙන් හොරෙන් බලද්දී අක්කගේ කට කොණට හීනියට නැගෙන හිනාව මම දැක්කේ නැහැ කියලා හිතුව ද?

ඔව්. කොටට ඇන්දම අක්කා හරිම ලස්සනයි.
අමනාපයක් නැත්තම් බහින්න ඉස්සෙල්ලා එකම එක සැරයක් ඕනෙකමින් ම ඔයාගේ ලස්සන බලලා යන්නම්.

හැබැයි ඕනෙකමින් ම බැලුවා කියලා මට රවන්න නම් ඔට්ටු නැහැ ඔන්න!


10 comments:

  1. අක්කලා දිහාට ඇහැ ගියෙ කොටට ඇන්ද නිසාමද ..... හි හි
    අදමයි ගොඩවුණේ ..
    අපේ දිහාවටත් ඇවිත් යන්න..

    ReplyDelete
    Replies
    1. හි හී.. ;) ඇහැට කනට පෙනෙන කොට නොබලා කොහොම ද, නේද?
      බොහොම ස්තුතියි සහෝදරයා ඇවිත් ගියාට.. අනිවාර්යෙන් ම මම එන්නම්.

      Delete
  2. නිර්මාණය අතිවිශිෂ්ටයි මිත්‍රයා.
    කතන්දරේ හරි වැරැද්ද මන් දන්නේ නැහැ .
    නමුත් මේ වගේ දෙයක් විනාඩි 15 ක වගේ
    කෙටි චිත්‍රපටියකට නියමයි...
    ඉතාම සාර්ථක තිර පිටපතක් ලියන්න පුළුවන් ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝදරයා... :)
      ඔයා එහෙම කිව්වමයි මටත් ඒක ඔලුවට ආවේ. ඇත්තටම කෙටි චිත්‍රපටයකට හොඳ වස්තුබීජයක් නේ...

      Delete
  3. අපරාදේ කියන්න බෑ බොරු සෝබන නැතුව කොල්ලෙක්ට ඇත්තටම හිතෙන හැටි ලියලා තියෙනවා .. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි, අක්කේ...

      Delete
  4. මේක මරු....
    කෙටි දේ ගැන කෙටියෙන්ම එලටම කියලා තියෙනවා..
    සිරා....
    මෙන්න ඔය ගැන මට හිතුණ දේ.පරස්පර විරෝධීද මංදා...
    නුඹ නොකළ වැරදි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රන්දු! :) අපි දෙන්නා පරස්පර විරෝධී නැහැ මගේ හිතේ. පැති දෙකකින් බලලා තියෙන්නේ එකම දේ ගැන. :)

      සිතුවිලි හන්තාන පැත්තේ ඇවිත් "නුඹ නොකළ වැරදි" වල මම මට හිතෙන දේ ලිව්වා.
      වෙලාවක අයෙත් මේ පැත්තේ එන්න. ඔබට ජය!

      Delete

ලිපිය ගැන ඔබේ අදහස් කියන්න.